'අධිබල බෝම්බයෙන් මරාදැමුණු සංඛ්‍යාව අනූවක්' | දිනමිණ

'අධිබල බෝම්බයෙන් මරාදැමුණු සංඛ්‍යාව අනූවක්'

ඇමරිකාව විසින් ඉකුත් බ්‍රහස්පතින්දා ඇෆ්ගනිස්ථානයට හෙළනු ලැබූ 'සියලු බෝම්බවල මව' නම් අධිබල බෝම්බ ප්‍රහාරයට ගොදුරුව මරණයට පත් IS ඉස්ලාම් රාජ්‍ය ප්‍රහාරකයන්ගේ සංඛ්‍යාව අඩු තරමින් අනූවක් වන බව ඇෆ්ගනිස්තාන් බලධාරීහු පවසති.

මෙය කලින් අනුමාන කළ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩිවීමකි.

මේ අතර ඉස්ලාම් රාජ්‍ය සංවිධානය පවසන්නේ අදාළ බෝම්බ ප්‍රහාරයෙන් තම කණ්ඩායමට කිසිදු හානියක් සිදු නොවූ බවය.

'සියළු බෝම්බ වල මව' අධිබල බෝම්බය හෙළන ලද්දේ IS ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමට අයත් නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ භූගත උමං ජාලයක් සහ ඔවුන් පාවිච්චි කරන ගුහා කීපයක් ඉලක්ක කරගෙන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

උපායමාර්ගික අවශ්‍යතා මත පදනම්ව එම බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද බව ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් ජෝන් නිකොල්සන් පවසයි.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න