ජනපති නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයට | දිනමිණ

ජනපති නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයට

 
සම්බුදු පහස ලත් ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(17) පෙරවරුවේ එම විහාරස්ථානය වැඳපුදා ගත්තේය. 
 
විහාරාධිපති නවඳගල පදුමකිත්තිතිස්ස හිමිපාණනන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා අටපිරිකර පූජාවක් ද සිදුකළේය. 
 
අනතුරුව ආගමික වතාවත් සිදුකරමින් විහාරස්ථානය වැඳපුදාගත් ජනාධිපතිතුමා නාගදීප පුරාණ රජමහා විහාරයේ කෞතුකාගාරය නැරඹීමට ද එක්විය. 
 
රුවන්වැලිමහාසෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ ද ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවට එක් වූහ.  
 
නාගදීප විහාරය වැඳපුදා ගැනීමෙන් අනතුරුව ගරු ජනාධිපතිතුමා, ශ්‍රී නාග පූසන් අම්මාන් කෝවිලට ගොස් ආගමික වතාවත්වල නිරත වූහ. 
 

නව අදහස දක්වන්න