අවිවාහක කත සමූහ දූෂණය කළ සැකකරුවෝ අත්අඩංගුවට | දිනමිණ

අවිවාහක කත සමූහ දූෂණය කළ සැකකරුවෝ අත්අඩංගුවට

පින්නවල පොලිස් බල ප්‍රදේශයේ පදිංව අවිවාහක කාන්තාවක් සමූහ දූෂණයයට ලක් කිරීමේ සාපරාධී ක්‍රියාවක් සම්බන්ධයෙන් පින්නවලින් වාර්තාවේ.
 
මෙම කාන්තාව අංශභාගය වැළඳුණ සිය පියාට උවැටන් කරමින් ජීවත්ව ඇත.
 
වයස අවුරුදු 45 ක් පමන වන මෙම කාන්තාව පුද්ගලයින් සිව්දෙනෙකු විසින් සමූහ දුෂණයකට ලක්ව ඇතැයි පොලිස් ආරංචි වාර්තාවන අතර කාන්තාව 18 වැනිදා බළන්ගොඩ මූළික රෝහළට ඇතුළත් කර ඇත.
 
සැකකාර දූෂකයන් සිව් දෙනාගෙන් එක් පුද්ගලයෙක් පින්නවල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරමින්  විමර්ශන කටයුතු ආරම්භකර ඇති අතර සැකකරුගේ ප්‍රකාශ අනුව ඉතිරි සැකකරුවන් තිදෙනාම අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව පොලීසිය කියයි.
 
බළන්ගොඩ සහකාර පොලිස් අධිකාරී අතුල අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි පින්නවල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක කුමාරසිරි, පොලිස් සැරයන් 9763 බෝපිටිය හා කාන්තා කාර්යාංශයේ සහභාගිත්වයෙන් විමර්ශන සිදුකරති.
 
(සමන්තා කංකානම්ගේ බෙලිහුල්ඔය)

නව අදහස දක්වන්න