මහනුවර අක්කර සියයක අර්තාපල් වගා | දිනමිණ

මහනුවර අක්කර සියයක අර්තාපල් වගා

යළි බීජ අර්තාපල් යොදා නිසි වගා ක්‍රම අනුගමනය කරමින් අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක අර්තාපල් වගා මහනුවර දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතියක් වශයෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.

නුවරඑළිය, යාපනය වැනි ප්‍රදේශවල බහුලව වගා කරන අර්තාපල් මහනුවර දිස්ත්‍රික්කයේ වගා කිරීමේ නියමු ව්යාාපෘතියක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර තිබේ.

ඒ අනුව ප්‍රථම අදියර යටතේ උඩිස්පත්තුව, රංගල, තංගප්පුව හා මුල්ඔය යන ප්‍රදේශවල අර්තාපල් වගාව ඉකුත් වර්ෂය අවසානයේදී ආරම්භ කර ඇති අතර මේ වන විට එහි අස්වනු නෙළිමේ කටයුතු ආරම්භ වී ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ ආරම්භ කළ නව ආදර්ශ අර්තාපල් වගාව සඳහා අවශ්ය බීජ අර්තාපල් සීතාඑළියේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපොළෙන් ලබා දුන් බවත් එහි අස්වනු මේ වන විට සියයට සියයක සාර්ථකත්වයට පත්ව ඇතැයි විෂයභාර නිලධාරීවරයා සදහන් කළේය

අකුරණ සමුහ ජේ. මොහමඩ් හාපීස්

ඡායාරූපය-අකුරණ සමුහ

නව අදහස දක්වන්න