අගරු චෙක්පත් දී මුදල් වංචා කළ විත්තිකරුට දඩ සහ සිර දඩුවම් | දිනමිණ

අගරු චෙක්පත් දී මුදල් වංචා කළ විත්තිකරුට දඩ සහ සිර දඩුවම්

අගරු චෙක්පත් මගින් අවස්ථා හතරකදී රු. 2,521,000ක මුදලක් වංචා කිරීමේ චෝදනා මත දඹුල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවති විභාගයකදී විත්තිකරු චෝදනාවන්ට වරදකරු වූ බැවින් ඔහුට රු.5000ක දඩයක් සමඟ වසර 37ක අත්හිටවූ සිරදඩුවමක්ද මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලදී.

මෙහිදී විත්තිකරුට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු හතරක් පැවති අතර ඒ අනුව මහේස්ත්‍රාත් අයි.එම්.එස්.බී.ඉලංගසිංහ මහතා විසින් ඔහුට වෙන වෙනම මෙම දඩුවම් නියම කළේය.

එහිදී රු.1,000,000ක් වංචා කිරීමේ චෝදනාවට රු.1000ක දඩයක් සමඟ මාස හතරක සිරදඩුවමක් නියමකර එය වසර 7කට අත්හිටවූ මහේස්ත්‍රාත්වරයා රු. 489,000ක මුදලක් වංචා කිරීමේ චෝදනාවටද

රුපියල් දහසක දඩයක් සමඟ මාස හතරක සිරදඩුවමක් වසර දහයක (10) කාලයකට අත්හිටුවීය. අනතුරුව රු. 532,000ක් සහ රු.585,000ක මුදලක් වංචා කිරීමේ චෝදනාවන්ටද පිළිවෙළින් රු.1500 බැගින් රු.3000ක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එයට අමතරව මාස හතර බැගින් සිරදඩුවම්ද පනවා එම සිරදඩුවමද වසර දහය බැගින් අත්හිටුවන ලදී. දඹුල්ල පොලිසියේ පො.සැ.වනසිංහ මහතා විසින් මෙහි පැමිණිලි මෙහෙයවන ලදී. 

මාතලේ දිස්ත්‍රික් සමූහ

නව අදහස දක්වන්න