2016 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දකුණු පළාතේ ප්‍රතිඵල ලංකාවෙන්ම පළමු තැනට ලබා ගැනීමට සමත් වී ඇත. මාතර මොරවක අධ්‍යාපන කලාපයේ මොළොක්ගමුව කනිෂ්ට විද්‍යාලයේ ප්‍රතිඵලද සියයට සියයක්ම ලබා ගැනීමට එම විද්‍යාලයේ සිසු දරුවන් සමත්ව ඇත. මෙම විද්‍යාලය ඉතාම දුෂ්කර, ග්‍රාමීය පරිසරයක පිහිටි, ආර්ථික අපහසුතා මැද ජීවත්වන ප්‍රජාවක් සිටින ගම්මානයකි.
විභාගය සඳහා පෙනී සිටි 22 දෙදෙනාම සමත්වීමත්, මූලික විෂයයන් 9 න් විෂයයන් 6 ක් සියයට සියයක්ම සමත් වීමත්, කාණ්ඩ විෂයන්ගේ සාමාර්ථය සියයට සියයක් වීමත් විභාග ප්‍රතිථල ඉහළ අගයක් ගැනීමට හේතු වී ඇත.
හෙට්ටිගේ සදුනි ප්‍රබෝධා, කංකානම්ගේ ඉරේෂා සෙව්වන්දි, කිරඹගේ සුරේඛා මධුෂානි, යද්දෙහිගමගේ දිලංක රංගන, ළහිරු චතුරංග හෙට්ටිආරච්චි, පල්ලෙවත්තගේ අනුෂ්ක ඉසුරු කුමාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉහළ ප්‍රතිඵල ලබා ඇත. විද්‍යාලයේ පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් මෙම ප්‍රතිඵල ලැබූ බව විදුහල්පති නලින් ධර්මකීර්ති මහතා පැවසීය.
පියසේන මද්දුමගේ ගොමිල මාවරල
නව අදහස දක්වන්න