ත්‍රිකුණාමලයෙන් කැස්බෑ මස් තොගයක් අත්අඩංගුවට | දිනමිණ

ත්‍රිකුණාමලයෙන් කැස්බෑ මස් තොගයක් අත්අඩංගුවට

ත්‍රිකුණාමල ධිවර වරායට පැමිණි බහුදින ධිවර යාත්‍රාවක තිබු වේලන ලද කැස්බෑ මස් තොගයක් සමග සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවටගත් බව වාර්ථා වේ.

හලාවත තොඩුවාව ප්‍රදේශයේ ධිවර කාර්මිකයන් හය දෙනෙකු මෙසේ අත්අඩංගුවට පත්වු අතර වේලන ලද කැස්බෑ මස් තොගය පාර්සල් හතක් වශයෙන් ගැට ගසා තිබු බවත් ඒවායේ බර කි.ග්‍රෑම් 13.ග්රෑම් 284 වන බවත් ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.සි.බෝයගොඩ මහතා පැවසිය.

ධිවර හා ජලජ සම්පත් ආඥා පනත යටතේ සැකකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහේසත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට නියමිතය.

නව අදහස දක්වන්න