තවදුරටත් මෙහෙයුම් | දිනමිණ

තවදුරටත් මෙහෙයුම්

විජයානි එදිරිසිංහ

 මීතොටමුල්ල නාය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවට අමතරව පොලිසිය සහ විශේෂ කාර්ය බළකායද සම්බන්ධ කර මෙහෙයුම් කටයුතු තවදුරටත් සිදු කෙරේ.

මේ මෙහෙයුම් කටයුතු මෙසේ සිදුවෙද්දී තක්සේරු දෙපාර්තමේන්තුව සහ ගොඩනැඟිලි පර්යේෂණ දෙපාර්තමේන්තුවද ඊට එක්ව මේ නායයාමට හේතුව සහ එම නායයාම නිසා සිදු වී ඇති හානියේ ප්‍රමාණයද තවදුරටත් එම අනතුරුදායක තත්ත්වය ඉදිරියේදි බලපා හැකිද යන්න සම්බන්ධයෙන් මේ පරීක්ෂණ සිදු වෙයි. තවද ඊයේ දින ගොඩනැඟිලි පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් එම කුණු කන්ද අවට අවදානම් කලාපයක්ද නම් කළේය. එම අවදානම් කලාපය ආසන්නයේ ඇති සියලු නිවාස එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමද ඊයේ ආරම්භ කෙරිණි.

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව සිදු කරන මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙන අතර එම ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිස පෙන්වා දෙන පුද්ගලයන් සිටි ස්ථානවල මළ සිරුරු සෙවිම තවමත් අවසන් නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ මෙහෙයුම් නොකඩවා දිවා රෑ නොතකා සිදුකෙරෙන බවද තවදුටත් හමුදා සාමාජිකයන් අවශ්‍ය වුවහොත් යෙදවීමට සූදානම් බවද කීය.

මේ අතර මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේ සිද්ධිය වු ප්‍රදේශයේ අනතුරට පත් ජනතාවගේ පැමිණිලි බාර ගැනීම සඳහා එම ස්ථානයේ විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා තිබේ. මේ වන විට එම පොලිස් ඒකකයට පුද්ගල අතුරුදන්විම්වලට අදාළ පැමිණිලි 150කට ආසන්න ප්‍රමාණයක් ලැබී ති‍බේ. එම පැමිණිලි අතරින් 25ක් පමණ පුද්ගල අතුරුදන්වීම් වෙයි. සෙසු ඒවා දේපළ හානි සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිලි බවද පොලිසිය කියයි.

මේ පැමිණිලි සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ වැල්ලම්පිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

මේ ස්ථානයේ පිහිටුවා ඇති පොලිස් ඒකකයට මේ වන විට පැමිණිලි 150කට ආසන්න ප්‍රමාණයක් ලැබි තිබේ. එම පැමිණිලි අතරින් විසිපහක් පමණ පුද්ගල අතුරුදන්වීම්වලට අදාළ ඒවා වෙයි.

තවත් පැමිණිලි වැඩි ප්‍රමාණයක් දේපළ අලාභ හානිවලට අදාළ පැමිණිලි බවද පොලිසිය කියයි. මේ සියලු පැමිණිලි සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය පරීක්ෂණ සිදුකරයි. 


නව අදහස දක්වන්න

Or log in with...