ශක්තිමත් ආර්ථික ගමනකට සියල්ල සූදානම් - update | දිනමිණ

ශක්තිමත් ආර්ථික ගමනකට සියල්ල සූදානම් - update

වර්තමානයේ රටේ ආර්ථිකය ශක්තිමත්ව හා ස්ථාවරව ඉදිරියට ගමන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එමෙන්ම වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති විදේශ සංචිත ප්‍රමාණය බිලියන 05 ඉක්මවා ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.

අද කොළඹ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැත්වෙන හමුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මීතොටමුල්ල ගැන සෙවීමට කම්ටුවක් - update

මීතොටමුල්ල සිදුවීමට අදාළ වාර්තාව සැකසීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කර ඒ අනුව හඳුනාගන්නා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මාසයක් ඇතුළත අදාළ වාර්තාව ඉදිරිපත් කළ යුතු අතර, ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීමට ජනතාවට හා අදාළ නිලධාරීන්ට හැකියාවක් පවතින බවද හෙතෙම සඳහන් කර සිටියේය.

'සයිටම් කොටස් වෙළඳපොළට' - ජනපති - update

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොළඹ කොටස් වෙළඳපොළ යටතේ ලැයිස්තුගත කරන බවත්, ඒ යටතේ සයිටම් ආයතන පරිපාලනයට වෙනම කොමිසමක් පත් කරන බවත් ජනාධිපතිවරයා පවසයි.

අද මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැත්වෙන හමුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එසේම ඉදිරි සති දෙක ඇතුළත රාජ්‍ය ආයතනවල තනතුරුවල වෙනසක් සිදු කරමින් රාජ්‍ය යාන්ත්‍රණයේ වෙනසක් සිදු වනු ඇති බවද වර්තමානයේ රටේ ආර්ථිකය ශක්තිමත්ව හා ස්ථාවරව ඉදිරියට ගමන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එමෙන්ම වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති විදේශ සංචිත ප්‍රමාණය බිලියන 5 ඉක්මවා ඇති බවද ඒ මහතා පෙන්වා දී තිබේ.
 

අදහස් 1ක් ඇත

Still getting ready. What the heck were you doing all these years moron?

නව අදහස දක්වන්න