පැල්වත්ත බටර් සමඟ සෞඛ්‍ය සම්පන්න අලුත් අවු­රු­ද්දක්

අප්‍රේල් මාසය ආසන්න වන විටම මෙරට බොහෝ දෙනකුගේ සිහියට නැඟෙන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයයි. මේ කාලය නොයෙකුත් සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර, කෙළි සෙල්ලම් මෙන්ම කැවිලි පෙවිලිවලින් පිරී ඉතිරෙන කාලයකි.

මේ රසකැවිලි නිවසේ සෑදුවද, වෙළෙඳපොළෙන් මිල දී ගත්ත ද ඒවා කොලෙස්ටරෝල් අධික ආහාර වන බැවින් ඒවායින් සෞඛ්‍යයට බලපෑම් ඇති විය හැකි බව රහසක් නොවේ. පෙවිලිවලට අනිවාර්යයෙන් යෙදිය යුතු අමුද්‍රව්‍යවලින් සෞඛ්‍යයට ඇති වන බලපෑම අවම කිරීම සඳහා ඒ වෙනුවට විකල්ප භාවිත කිරීමේ අවස්ථාව දැන් උදා වී ඇත.

මෙසේ විකල්ප භාවිත කළ හැකි එක් අවස්ථාවක් වන්නේ මාජරින් වෙනුවට පහසුවෙන් ලබාගත හැකි බටර් භාවිත කිරීමයි. බටර් යනු මාජරින්වලට වඩා සෞඛ්‍යයට හිත කර ආහාර වර්ගයක් ද යන්න විවාදපන්න මාතෘකාවක් වන අතර, වසර ගණනාවක් තිස්සේ පර්යේෂකයන් මේ ගැන පර්යේෂණ සිදුකර ඇත.Harvard Health Publications මඟින් ප්‍රකාශයට පත්කර ඇති පර්යේෂණයකට අනුව ‘බටර් වෙනුවට මාජරින් භාවිතය මඟින් හෘදයාබාධ හෝ හෘද රෝග ඇතිවීමේ ඉඩකඩ අඩුවන බවක් නිශ්චිතව පැවසීමට හැකි සාක්ෂි ලැබී නොමැත.‘ එමෙන්ම මාජරින්වල අඩංගු ට්‍රාන්ස් මේද අම්ල (Trans fats) සෞඛ්‍යයට බෙහෙවින් අහිතකර බව ඇතැම් පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...