ගිම්හා­නයට ‘Hola Summer’ ගෙනඑන ODEL

කියුබානු විලාසිතා රසයෙන් පිරුණු ආකර්ෂණීය විලාසිතා පෙළක් දේශීයත්වය සමඟ මුසුවේ

මෙරට ප්‍රමුඛතම විලාසිතා ජාලය වන ODEL විසින් පාරිභෝගිකයින්ගේ විලාසිතා රුචිකත්වය තව තවත් වඩවමින් කියුබානු සෞන්දර්යය පාදක කරගත් විලාසිතා රසයෙන් පිරුණු ආකර්ෂණීය නව ගිම්මාන විලාසිතා පෙළක් හඳුන්වාදී තිබේ.

‘Hola Summer’ ලෙස නම් කර ඇති මෙම විලාසිතා එකතුව කියුබානු ආභාෂය, දේශීය විලාසිතා ගුණාංග සහ මෙරට ‍දේශගුණයට හා රුචිකත්වයට ගැළපෙන පරිදි මනාව සංකලනය කරමින් නිර්මාණය කර තිබේ.

සොෆ්ට්ලොජික් සමූහය ODEL විලාසිතා ජාලය මිලදී ගැනීමෙන් පසුව ලොව ප්‍රචලිත ජාත්‍යන්තර විලාසිතා සන්නාම රැසක් ODEL වෙත හඳුන්වා දුන් අතර කාලීනව ලෝකයේ සිදුවන විලාසිතා ප්‍රවණතාවයන් පමාවකින් තොරව ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇත. මෙම නව විලාසිතා පෙළ මඟින්ද ලොව ප්‍රචලිත විලාසිතා මාලාවක් හඳුන්වාදීමට ODEL කටයුතු කිරීම කැපී පෙනේ.

Balmain, Chanel, Rochas, Tibi, Etro, Dolce & Gabbana සහ Michael Kors ප්‍රමුඛ ලොව ප්‍රචලිත විලාසිතා සන්නාමවලින් ආවේශය ලැබූ මෙම නව විලාසිතා පෙළ සිත් ඇදගන්නා කියුබානු සහ මල් මෝස්තර, ජ්‍යාමිතික රටා සහ කුරුලු මෝස්තර භාවිතා කරයි. මෙම නව විලාසිතා පෙළ රතු, තැඹිලි, කොළ, නිල් සහ කහ ප්‍රමුඛ කරගත් දීප්තිමත් වර්ණවලින් යුක්ත වේ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...