බුලත් හෙප්පුවකින් කොටදෙනියාවේ ඝාතනයක් හෙළිවේ | දිනමිණ

බුලත් හෙප්පුවකින් කොටදෙනියාවේ ඝාතනයක් හෙළිවේ

 
සිංහල අලූත් අවුරුදු උදාවට දෙදිනක් තිබියදී බඩල්ගම කටුකෙන්දේ පදිංචිව සිටි හැට අට හැවිරිදි තිදරු මවගේ ගෙල කපා මරා දැමූ සැකකරු බුලත් හෙප්පුවක් නිසා ලත් සාක්කියක් මත පැය කිහිපයක් ගතවෙද්දී අත්අඩංගුවට ගැන්ීමට  කොටදෙනියාව පොලිසිය සමත්විය.
 
පසුගිය 12 වැනිදා උදේ නිවසේ කුස්සියේ සිටියදී මෙසේ මරා දමා තිබුනේ බඩල්ගම කටුකෙන්ද ග‍්‍රීන් ගාඞ්න්ස් හි පදිංචිව සිටි කිරිහෙට්ටිගේ මිලී මාග‍්‍රට් 68 මහත්මියයි.
 
එදින 12 උදේ 805 ට පමන නිවසේ සිටි දියණිය හා ඇගේ ලොකු පුතා නිවසින් පිටව ගොස් ඇත. දියණිය පූජාවක් පැවැත්වීම සදහා දේවාලයකට ගොස් ඇති අතර ඇගේ ලොකු පුතා   ඒ අවස්ථාවේදී නිවස්ින් පිටව ඇත්තේ රැුකියාවට යාමටය. පූජාව පැවැත්වූ දියණිිය උදේ 9.30 ට පමණ නිවසට පැමින බලද්දී මව කිුස්සියේ කැපුම් තුවාල ලබා වැටී සිටියදී හමුවී මෙන් පසු පොලිසියට පැමිණිලි කරනු ලැබීය.
 
සාමාන්‍යයෙන් නිවසේ කිසිවෙකු නැති අවස්ථාවන්හිදී මියගිය මව නිවස ඉදිරිපිටට වී සිටීම පුරුද්දක් බවත් ගේ ඇතුලේ තිබූ බුලත් හෙප්පුව නිවසේ ඉදිරි දොරටුව අසල තිබීම නිසා දන්නා හදුනන කිසිවෙකු නිවසට පැමිණ ඇති බවටත් පොලිසියට තොරතුරු ලැබුනේ මේ අතරය. බුලත් හෙප්පුව නිවසේ උ`ථවස්ස ලග තිබීම  මහත් සැකයකට හේතුවක් විය. 
 
මියගිය අයගේ මුහුණ වසාතිබූ කොට්ටය කාමරයක තිබූ එකක් බවද   කාමරයේ දේපල අවුස්සා ඇති බවද හෙලවිය. නිවසේ දේපොල සොරා ගැනීමට ආ කිසිවෙකු ඇය දැකීමෙන් පසු හදුනා ගෙන කෑගෑසීම වැලැක්වීම සදහා කොට්ටයෙන් මුහුණ වසා ගෙලට පිහි පහරක් එල්ල කරන්නට  ඇතැයි පොලිසිය සැක කලේ ඒ අනුවය . 
 
ප‍්‍රහාරයට යොදාගෙන ඇති පිහිය නිවසේ කුස්සියේ තිබූ එකක් බවට හදුනාගෙන ගැනුනු අතර එම පිහිය ඒ අසල තිබියදී පොලිසියට හමුවිය. අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරින් හා පොලිස් නිල සුනඛයින් කැදවා පරීක්ෂණ පැවැත්වූ අතර නිවස හා අවට දැඩි පරීක්ෂාවකට ලක් කරනු ලැබීය. අපරාධයට යොදා ගත් මන්නා පිහිය ඉව කළ නිල සුනඛයා එම ස්ථානයේ සිට දකුණට පාරේ මීටර් 150 ක පමණ දුරකින් පිහිටි නිවසක පිටුපස කුස්සියේ දොරටුව් දක්වා ගමන් කරනු ලැබීය.  ඒ වනවිට එම නිවසේ කිසිවෙකු නොසිටි අතර  අපරාධකරු පලා යන අතරතුර කිසිවෙකු නැති නිවසේ පිටුපස සැගවී සිටියාදැයි පොලිසියට සැකයක් ඇතිවිය.
 
මිනුව්න්ගොඩ වැඩ බලන මහේස්ත‍්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා මහේස්ත‍්‍රාත් පරීක්ෂනය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂනයකට නියෝග කරනු ලැබීය.
 
මේ අතර නිවසට නිතර එන යන හා බුලත් විට හපන පුද්ගලයන් ගැන කළ සොයා බැලීමේදී මියගිය අයගේ බෑනාගේ හිතවතකුද වන පොල් කැඞීමට එන නිමල් නැමැත්තෙකු පිලිබදව අනාවරණය කරගත් පෙිාලිසිය ඔහු සොයා කුලී නිවසට ගියත් සිටියේ නැත. දෙදරු පියෙකු වන 35 හැවිරිදි මෙම පුද්ගලයා  බලපිටිය බ‍්‍රාහ්මණවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කළක් තිස්සේ මැල්ලවගෙදර පොල්හේන ප‍්‍රදේශයේ කුලී නිවසක ජීවත් වූවෙකි. 
 
ඉන්පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීීමේදී සියල්ල හෙලිවී ඇත. වසර හතරක් පමන තිස්සේ මෙම නිවසට යන එන බව කියන සැකකරු එදින උදේ 8.30 ට පමන පාපැදියෙන් පැමිණ ඇත. මෙම පාපැදියද මියගිය කාන්තාවගේ බෑනා දුන් එකක් බව පොලිසිය හෙලි කරගෙන ඇත. මේ දෙන්නා අතර සමීප සබදකමක් තිබී ඇති බවද හෙලිවී ඇත. 
 
නිවසට පැමිනි අවස්තාවේදී සැකකරු බුලත් විටක් ඉල්ලීමෙන් පසු මියගිය කාන්තාව ගෙතුළ තිබූ බුලත් වට්ටිය ගෙනවිත් දී ඇත. පසුව සැකකරු නැන්දේ ලමයින්ට අවුරුද්දට රෙදි ගන්න කියා රුපියල් දෙදහසක් ඉල්ලා ඇති අතර තමන් අත මුදල් නැති බව කියා ඇය කුස්සියට ගිය අතරේ සැකකරු නිවසේ කාමරයට ඇතුල් වී ඇතැයි හෙලිවී තිබේ. අල්මාරිය අවුස්සනවා දුටු  කාන්තාව කෑගසා ඇති බවත් එයින් වියරු වැටුනු සැකකරු ඇය කුස්සියට තල්ලූ කරගෙන විත් මන්නයෙන් කොටා කොට්ටයෙන් මුහුණ වසා රන් මුදු දෙකක් හා අත්ඔර්ලෝසුවක් රැුගෙන පාපැදියෙන්ම ගොස් ඇති බවත් හෙලිවී ඇත.
 
පසුව සැකකරු පන්නල නගරයට ගොස් මෙම දේපල රුපියල් 6300  කට උකස් කර රෙදිපිලි රැුගෙන නිවසට පැමිනි අවස්තාවේ අත්අඩංගුවට පත්ව ඇත.  සමරක්කොඩිගේ නිමල් ශාන්ත නැමති සැකකරු  මීගමුව දිස්ති‍්‍රක් මහ රෝහලේදී අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු  කර මිනුව්න්ගොඩ වැඩ බලන මහේස්ත‍්‍රාත් කි‍්‍රස්ටි ප‍්‍රනාන්දු මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බාරයේ තබන ලෙසට නියෝග කර ඇත .
 
මීගමුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත අතුකෝරල මහතාගේ මෙහෙයවීම යටතේ කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී.ඞී. වික‍්‍රමසිංහ, උප පොලිස් පරීක්ෂකවරුන් වන මහීපාල ගුණවර්ධන, අපරාධ අංශයේ ස්ථානාදිපති උප පොලිස් පරීීක්ෂක ලියනගේ , උප පොලිස් පරීීක්ෂක රනතුංග,  පොලිස් සැරයන් 24007 ලයනල්, පොලිස්  කොස්තාපල්වරුන් වන 34394 හේරත්, 21705 නිශාන්ත, 84546 නිමේෂ්, 3450 උපාලි 36364 සුනිල් යන නිලධාරීීහු පරීක්ෂණ පැවැත්වූහ.
 
(කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර)

නව අදහස දක්වන්න