පමුණුවිල නිවෙසක සූදුපොළක් වටලා 7ක් අත්අඩංගුවට | දිනමිණ

පමුණුවිල නිවෙසක සූදුපොළක් වටලා 7ක් අත්අඩංගුවට

මල්වාන සමූහ මහානාම විතානගේ

පමුණුවිල ප්‍රදේශයේ නිවෙසක ගෙවත්තේ ඉතාමත් හොර රහසේ පවත්වාගෙන යන ලද සූදු පොළක් වටලා හත්දෙනකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

තවද මේ සූදුපොළේ තිබී රුපියල් දස දහසකට ආසන්න මුදලක්ද සොයා ගැනිණි. දින ගණනාවක් තිස්සේ පවත්වා ගෙන යන ලද මේ සූදු පොළ අලුත් අවුරුදු දිනවල සරුවට පවත්වාගෙන ගොස් තිබෙන බව ද කියති.

පමුණුවිල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන මෙම හත්දෙනා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට දැන් කටයුතු කර ඇත.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් කුමාරසේකර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා, උප පොලිස් පරීක්ෂක නිපුන ද සිල්වා, පො.කො. අයේෂ් (85857), කුමාර (68475) හා ලක්මාල් (82436) නිලධාරිහු මේ වැටලීම සිදුකළහ. 

 

නව අදහස දක්වන්න