මාතර-බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ ඉදි කිරිම් සැප්තැම්බරයේ අවසන් | දිනමිණ

මාතර-බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ ඉදි කිරිම් සැප්තැම්බරයේ අවසන්

මාතර බෙලිඅත්ත ඉදිවෙන නව දුම්රිය මාර්ගයේ ඉදිකිරිම් සැප්තැම්බර් මාසයේ අවසන් කරන බව ඉදිකිරිම් ව්‍යාපෘති ඉංජිනේරු ඒ .ජි.සි.විමලසුරිය මහතා පවසයි.

මාතර දිස්ත්‍රික් සම්බන්ධිකරන කමිටුවේදි ඉදි කිරිම් ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් පැවසිය.

දිස්ත්‍රික් සම්බන්ධිකරන කමිටුවේ සම සභාපතිවරුන් වන මුදල් රාජ්‍ය අැමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන , මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක්කු ඒ මහතා මෙසේද පැවසිය.

ඉදිරි සතියේ දුම්රිය සිල්පරකොට අතුරා පීලී සවි කරන බවත් මෙම ව්‍යාපාතියට අවශ්‍ය රේල් පීලි හම්බන්තොට වරායට ගෙනවිත් ඇති බවත් සඳහන් කෙළේ.මාතර කොළඹ දුම්රිය මාර්ගය මාතර ගබඩාවිදියෙන් සම්බන්ධ කිරිම සඳහා මාස 3 ක කාලයක් ගතවන බවත් මේ නිසා හක්මන මාර්ගය

ගබඩාවිදියෙන් වසා දැමිමට සිදු වෙයි. මෙම කටයුතු කඩිනමින් අවසන් කර ගැනීමට සහය දෙන ලෙසත් හක්මනට ගමන් කරන වාහනවලට විකල්ප මාර්ග සකසා දෙන ලෙසත් ඉල්ලා සිටි.

කිලෝ මිටර් 27 ක් දිගින් පළමු අදියරේ සිදු කරන මෙම ඉදිකිරිම් සඳහා ඩොලර් මිලියන 278 ක් වැය වෙන අතර මෙම ඉදි කිරිම් චයිනා මැසිනරි ඉම්පොට් එක්ස්පෝට් සමාගම සිදු කරයි. ප්‍රධාන පාලම් 2ක්,

පාලම් 12 ක්, යටිබිම් හරස් මාර්ග 16ක්. උඩුබිම් හරස් මාර්ග 8ක්, බිම් ගෙවල් 2ක්, මෙම ඉදි කිරිම්වලට අයත් වේ.කැකනදුර, බඹරැන්ද, වැවුරුකන්නල, යන ප්‍රදේශවලට දුමිරිය ස්ථාන ඉදිවෙන අතර මෙම ඉදිකිරිම් කටයුතුවලින් 85 % කට වැඩි ප්‍රමානයක් නිම වී ඇති බවද ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසිය. මේ අනුව මාතර සිට කතරගම දක්වා දුම්රියෙන් ගමන් කිරිමේ සිහිනය සැබැ වෙමින් මෙම වසර අවසන් විමට පෙර මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රියෙන් ගමන් කිරිමට මාතර ජනතාවට වාසනාව ලැබේ. 

මාතර සමුහ

නව අදහස දක්වන්න