තැලසීමියා රෝගීන්ගේ වැඩිම ව්‍යාප්තිය වයඹ පලාත‍ෙන් | දිනමිණ

තැලසීමියා රෝගීන්ගේ වැඩිම ව්‍යාප්තිය වයඹ පලාත‍ෙන්

ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන්ගේ වැඩිම ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ වයඹ පලාතෙහි බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අලුත්ම සංක්‍යා ලේඛන වලින් හෙළවී තිබේ.

මවගේ සහ පියාගේ ජාන සම්මිශ්‍රණයෙන් ප්‍රවේණිගත රෝගයක් ලෙස දරැවන්ට වැළදෙන තැලසීමියා රෝගය වත්මන් ශ්‍රී ලංකා සමාජය මුහුණ දී ඇති බරපතල ඛේදවාචකයක් ලෙස බොහෝ දෙකෙුගේ අවධානයට ලක්ව ඇත.

දැනට මෙය වැඩි වශයෙන් වයඹ පළාත තුල ව්‍යාප්ත වන නිසා බොහෝ දෙනෙකුගේ පහසුව ගැන සලකා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් වයඹ පළාතෙහි අගනුවර වන කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි, ජාතික තැලසීමියා මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.

තැලසීමියා රෝගයට ගොදුරුවූ දරුවන් 1034 දෙනෙකු දැනට මෙම මධ්‍යස්ථානයෙහි ලියා පදිංචි වී සිටින අතර ඉන් දරුවන් 578 දෙනෙක් වයඹ පළාතෙහි දරුවෝ වෙති.

මොවුන්ගෙන් වැඩි සංඛ්‍යාවක්, ඉතා දිළිදු පවුල්වල දරුවන් වන අතර ඔවුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවෝද මේ නිසාම විවිධ ගැටළුවලට මුහුණ පා සිටිති.

මේ දරුවන් සියලු දෙනා, ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔවුන්ගේ මව්පියන් හෝ භාරකරුවන් සමග කුරුණෑගල ජාතික තැලසීමියා මධ්‍යස්ථානය වෙත යායුතුව ඇත.

එම දරුවන්ගේ පවුල්වල ආර්ථික තත්වය අනුව, ඔවුන්ගෙන් දරුවන් 378 දෙනෙකුට, ගමන් වියදම් ආදිය සදහා රුපියල් 1000 බැගින් මාසික දීමනාවක් ලබා දීමට වයඹ පළාත් සමාජ සුබසාධන දෙපාර්තමේන්තුව පිටවරගෙන තිබේ.

තැලසීමියා රෝගී දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම හා රෝගය ව්‍යාප්තවීම වැලැක්වීම සදහා රුධිර සාම්පල පරික්ෂා කිරිම ඇතුළු ජනතාව ැනුවත් කිරීමේ වැඩසටහන් ආදිය වෙනුවෙන් රජය විශාල වියදමක් දරයි.

මීට අමතරව තැලසීමියා රෝගී දරැවන් අතුරින් පාසල් යන අයට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට අතහිත දීම සදහා පොත් පත් පාසල් උපකරණ සහා පාවහන් ආදිය ලබාදීමට වයඹ පළත් සමාජ සුබසාධන දෙපාර්තමේන්තුව කටයුතු යෙදා ඇත.

ඒ අනුව 2016 වසරේ දී තැලසීමියා රෝගී දරුවන් 207 දෙනෙකුට රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා පාසල් උපකරණ ආදිය ලබාදුන් බව වයඹ පළාත් සමාජ සුබ සාධන අධ්‍යක්ෂ චන්දන දිසානායක මහතා පැවසීය.

(වයඹ පළාත් සමූහ- ආරියරත්න රණවැල්ල)

 

නව අදහස දක්වන්න