ප්‍රංශයේ වෙඩි තැබීමේ වගකීම IS සංවිධානය භාර ගනී | දිනමිණ

ප්‍රංශයේ වෙඩි තැබීමේ වගකීම IS සංවිධානය භාර ගනී

ප්‍රංශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර එහි වගකීම IS ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.

පොලිස් නිළධාරීන් ගමන් ගත් බස් රථයක් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කර ඇති අතර ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා පොලිස් නිළධාරියෙකු බව වාර්තා වේ.

මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවකු විසින් වෙඩි තැබීම සිදු කල බව එරට පොලීසිය සඳහන් කර ඇත.

ප්‍රහාරයත් සමඟ ෂම්ස් එලිසි ප්‍රදේශය තහනම් කළාපයක් ලෙස පත් කර ඇති ව සදහන් වේ.

 


නව අදහස දක්වන්න

Or log in with...