කල්ප වෘකෂ විහාරයේ සිතුවම් අඳින නල්ලතන්නියේ කලාකරුවා | දිනමිණ

කල්ප වෘකෂ විහාරයේ සිතුවම් අඳින නල්ලතන්නියේ කලාකරුවා

මිනිසා උසස් මනසක් ඇති සත්ව ලෝකයේ බුද්ධිමත්ම සත්වයා ලෙස මානව විද්‍යාඥයන් හදුන්වති. අප අතර සිටින ඇතැම් පුද්ගලයන් විවිධ වූ සහජ හැකියාවන් වලින් පරිපූර්ණ වූ නිර්මාණශීලී පුද්ගලයෝ වෙති. අප්‍රසිද්ධයේ තම වෘත්තීන්වල නියැලී සිටින මොවුන් තම කලා හැකියාවන් තුළින් මානවයාගේ සිත් සතන් පිනවති.

“ලොවින් එකෙක් එක දේකට වෙයි සමත” කියා අප අතර ප්‍රසිද්ධ කියමනක්ද තිබේ. මොහු ද එවැනි සහජ දක්ෂතාවයන්ගෙන් හෙබි කලාකරුවෙකි.

ඔහු දක්ෂ මූර්ති හා කැටයම් ශිල්පියෙකි. රණතුංග නොතාරිස්ගේ සුනිල් ඔහු 47 වියේ පසුවන දෙදරු පියෙකි. ඔහු පදිංචිව සිටින්නේ ශ්‍රීපාද පුද බිමේ නල්ලතනිය ප්‍රදේශයේය.

නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ, නල්ලතන්නියේ පිහිටි කල්පවෘක්ෂ මහා විහාරයේ දී සුනිල් කලාකරුවා අපට හමුවූයේ නිර්මාණකරනයේ නිරතව සිටියදිය. ශ්‍රීපාද වාර-අවාර සමයේ විවෘත්තව තබන කල්පවෘක්ෂ විහාරය ආරම්භ කර දැනට වසර 15 ක් වන අතර ආරම්භයේ සිට විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මැද සුනිල් විසින් කල්පවෘක්ෂ විහාරයේ අලංකාර මූර්ති හා කැටයම් රැසක් සිදුකර අත.

සුනිල් මහතා - වසර 16 ක පමණ කාලයක් මූර්ති කලාවේ නිරතව සිටිනවා. විහාරස්ථාන ආශ්‍රිතව මගේ මූර්ති හා කැටයම් නිර්මාණ කර තිබෙනවා. සිමෙන්ති, වැලි, කුකුල් දැල්, ගල් කුඩු හා ගෝනි මම මූර්ති හා කැටයම් සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය. මගේ නිර්මාණ සදහා වැඩිපුරම බුදු දහම පදනම් කරගෙනයි කටයුතු කරන්නේ.

බුදු දහම තරම් මිනිසා යහ මගට ගැනීම සදහා ලොවේ වෙනත් ධර්මයක් නෑ. විද්‍යාත්මකවද අද වන විට එය සනාථ වී තිබෙනවා.

බුදුන් වහන්සේ දෙශනා කළ චතුරාර්ය සත්‍ය මිනිසාගේ ජන ජීවිතයට සම්බන්ධ කරමින් මම නිර්මාණකරණයේ යෙදෙන්නේ මගේ ජීවිතයට බුදු දහම නිසා ලැබුණු අත්දැකීම් ආශ්‍රයෙනුයි.

තම සහජ කලා හැකියාවන් දියුණු කර ගැනීමට රජයෙන් හෝ පෞද්ගලික අංශයෙන් සහයක් ලැබෙනවා නම්, තමන්ට බුදු දහම තුළින් සමාජයට විශාල සේවයක් කළ හැකි බව සුනිල් මහතා පවසයි.

මස්කෙළිය සමූහ
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

නව අදහස දක්වන්න