පිරවුම්හල් අසල පෝලිම් - update | දිනමිණ

පිරවුම්හල් අසල පෝලිම් - update

ඛනිජ තෙල් සංගම් වෘත්තීය සමිති විසින් ඊයේ මධ්‍යම රාත්‍රී සිට ආරම්භ කොට ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ දක්වා වවුනියාව ඉන්ධන පිරිවුම්හල් අසලද විශාල දිගු පෝලිම් දක්නට ලැබිණි.

ඇතැම් පුද්ගලයින් තම ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් වාහන වලට මෙන්ම වෙනත් බෝතල් කෑන් වලටද ඉන්ධන පුරවාගෙන යන අයුරු දැක ගත හැකි විය.

ඉන්ධන පිරවුම් හල් සේවකයින් පවසන්නේ තම ඉන්ධන තොග අවසන් වන තුරු ඉන්ධන නිකුත් කරන බවයි.

කෙසේ වෙතත් ඇතැම් ඉන්ධන පිරිවුම් හල් තුල මේ වන විටත් ඉන්ධන නොමැති අතර පාරිභෝගික ජනතාව මේ නිසා දැඩි දුෂ්කර තාවයකට පත්ව සිටීන අතර ඉන්ධන සොයා පිරවුම් හල් අසල පැය ගණන් ලතැවීමට සිදු වූ බවත් එහෙත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණක් බවත් මෙලෙස ජනතාව අසීරුතාවයට පත් කිරීම යුක්ති සහගත නොවන ආසාධාරණ වැඩක් බවත් ඔවුන් පැවසීය.

ත්‍රීකුණාමලය වරායේ ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීමට විරුද්ධව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඛනිජතෙල් වෘත්තීය සමිති විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කොට තිබේ.

(වවුනියාව උතුර සමූහ - බන්දුල සෙනෙවිරත්න) 

වර්ජනය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමට බාධා - photos

ඛනිජතෙල් වෘත්තිය සමිති එකමුතුව ආරම්භ කළ වර්ජනයෙන් ඉන්ධන බෙදාහැරීමට බාධා මතුව තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ෂෙහාන් සෙනවිරත්න ප්‍රකාශ කලේ වර්ජනය හේතුවෙන් කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට ඉන්ධන බෙදාහැරීමට බාධා ඇතිවුවත් ප්‍රමාණවත් ලෙස ඉන්ධන සංචිත පවතින බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජතෙල් වෘත්තිය සමිති එකමුතුවට අයත් සේවකයින් වර්ජනයක් ආරම්භ කළේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

මෙම වර්ජනය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඊයේ පස්වරුවේ සිට මේ දක්වා ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබෙන අතර මේ නිසා ඇතැම් මාර්ගවල රථවාහන තදබදයක්ද නිර්මාණය වී ඇත.

 

නව අදහස දක්වන්න