නවතම Huawei P10 සහ P10 Plus ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි | දිනමිණ

නවතම Huawei P10 සහ P10 Plus ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

මෙරට ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සිය ජාතික බෙදාහරින්නා වන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හා එක්ව නවතම Huawei P10 සහ P10 Plus ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. ලොව සුපතල කැමරා සන්නාමය වන Leica හි තාක්ෂණය හා එක්ව ඉදිරිපස සහ පසුපස කැමරා සහිතව මේ නවතම Huawei P10 සහ P10 Plus නිමවා තිබේ. මනා හුරුබුහුටි නිමාවකින් යුක්ත Huawei P10 සහ P10 Plus ස්මාර්ට්ෆෝන් අතර උසස්ම ඡායාරූප තාක්ෂණය සහිත ස්මාර්ට්ෆෝනයයි.

මෙහි දී අදහස් දැක් වූ Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකිකයාගේ ජීවන විලාසිතාව වෙනස් කරවන නවතම ලොව ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝනයක් Huawei විසින් හඳුන්වා දී ඇති බවයි.

එමෙන්ම මේ අවස්ථාවට එක් වූ Huawei හි ජාතික බෙදාහරින්නා වන සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ Huawei සිය පාරිභෝගිකයන්ට අමතර වටිනාකමක් එක් කර ඇති බවයි. උසස් තත්ත්වය සහ ඉහළ සේවාව හා බැඳුන උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් තිළිණ කරමින් සිය පාරිභෝගිකයන්ගේ ජීවිත ඉහළ නැංවීම සඳහා Huawei කටයුතු කර ඇති බව හෙතෙම කියා සිටියේය.

Huawei P10 සහ P10 Plus ස්මාර්ට්ෆෝන් මෙරට අලෙවියේ දී ඩයලොග් ආසියාටා පීඑල්සී ද ජාල සහකරුවකු වශයෙන් කටයුතු කරන අතර ඩයලොග් හි VoLTE තාක්ෂණය යටතේ 3G සහ 4G සබඳතාවන් හා බැඳුනු උසස් මට්ටමේ සේවාවක් අත්විඳීමේ අවස්ථාව නවතම Huawei P10 සහ P10 Plus පාරිභෝගිකයන්ට හිමිවනු ඇත. මීට අමතරව අනිකුත් දුරකථන සේවා සමඟ ද මේ ස්මාර්ට්ෆෝනය භාවිත කළ හැකි වෙයි.

නව අදහස දක්වන්න