තද රස්නය මේ මස අග තෙක් | දිනමිණ

තද රස්නය මේ මස අග තෙක්

රක්ෂණ ශ්‍රියන්ත

මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය මේ මස අවසානයෙන් පසු ක්‍රමයෙන් පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ දිනවල වායුගෝලයේ ජල වාෂ්ප අඩු වීමත්, ශ්‍රි ලංකාව දෙසට හමා එන සුළ ප්‍රවාහය ඉන්දියානු ගොඩබිම හරහා හමා ඒමත් අධික ලෙස උෂ්ණාධික තත්වයක් ඇතිවීමට හේතුවන බවද කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවට ඉර මේ දිනවල ඉහළින්ම පායා නැතත් සමකයට ආසන්නව ඉර පෑයීම හේතුවෙන් අධික රශ්මියක් දැනීමත් අධිකව දහඩිය ඇතිවීමට හේතුවක් බවද පෙන්වා දෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ තත්ත්වය මේ මස අවසානයෙන් පසුව ‍ක්‍රමයෙන් අඩුව යන බව ද පවසයි. 

නව අදහස දක්වන්න