'කලකිරුණා හැබැයි මොකටද කියලා අහන්න එපා' - තරින්දි | දිනමිණ

'කලකිරුණා හැබැයි මොකටද කියලා අහන්න එපා' - තරින්දි

ඇය පැහැසරා ටෙලි සිතුවමේ උපමාලි. ඒ කියන්නේ එහි පැහැසරාගේ අක්කා. උපාමාලි අහිංසක ධෛර්යවත් චරිතයක්. ඒ හින්දම වැඩි දෙනෙකු උපමාලි පණ පොවන්නේ කවුද කියලා හොයනවා. අපිත් හෙව්වා. සොයන්නාට සම්බ වේ කියන්නා වගේ අපිටත් මේ උපමාලිව මුණ ගැසුණා. ඇගේ ඇත්ත නම තරින්දි ප්‍රනාන්දු. පැහැසරා තමයි ඇගේ පළමු ටෙලි සිතුවම. ඒ වුණාට තරින්දි රංගනයට පිවිසෙන්නේ සිනමාපටයකින්. ඇයගෙන්ම අප ඒ තතු විත්ති මෙහෙම අහ ගත්තා.

අද වන විට රංගනයට පිවිස සිටියට මං බැංකු ක්ෂේත්‍රයේ කටයුතු කළ අයෙක්. පෞද්ගලික බැංකුවක මං සේවය කරමින් හිටියා. මගේ අක්කා තමයි බැංකුවට මාව යොමු කළේ. හැබැයි යටි හිතේ රංගනය නමැති ක්ෂ්ත්‍රයට දැඩි කැමැත්තක් තිබුණා. ඒ ආසාව යටපත් කරගෙනයි මං බැංකුවේ වැඩ කළේ. ඔය අතරේ මං කිසිසේත්ම නොසිතූ සිදුවීමක් වුණා.

ඒ මොකක්ද?

මගේ අම්මා නැති වුණා. මේ ලෝකේ මං වැඩියෙන්ම ආදරේ කළේ මගේ අම්මට. මට ඇගේ වියෝව දරා ගත නොහැකි වුණා. මට බැංකුවේ වැඩ කරන්නත් බැරි වුණා තිබුණු මානසික පිඩනයට. මං ඒක මඟහැර ගන්න ගයාන් ශ්‍රීමාල් ගාවට යොමු වුණා නර්තනය හදාරන්න. අන්න එතනදියි මං මෙතෙක් ආව ජීවිත ගමනේ වෙනසක් වන්නේ.

ඔබගේ කලා ජීවිතය ඇරැඹෙන්නේ එතෙන්දිද?

හරියටම හරි. මට එහිදී චරිත් අබේසිංහ අයියව මුණ ගැහෙනවා. ඔහු තමයි මාව රංගනයට ගත්තේ. බරතලී සිනමාපයට රඟපාන්න යොමු කළේ චරිත් අයියා. එය අධ්‍යක්ෂණය කළේ ධනුෂ්ක ඒ. රේමන්. මං කේෂත්‍රයට එන්නේ බරතලී සමඟින්.

එතකොට පැහැසරාට එකතු වන්නේ?

ශිරෝමිකා ප්‍රනාන්දු අක්කගෙ මාර්ගයෙන් මට උදය කුමාරි අක්කව මුණ ගැසුණා. ඇය තමයි මාව නිල්වලා ආයතනයේ තිර පරීක්ෂණයකට යොමු කළේ්. මං ඊට සහභාගි වුණා. ඉන් සමත් වෙලා තමයි පැහැසරා නාට්‍යයෙහි රඟපාන්න ලැබුණේ.

පැහැසරා නේද ඔබව වඩාත් ජනප්‍රිය කළේ?

ඔව්. පැහැසරා සඳහා ලැබෙන ප්‍රතිචාර නම් නිමක් නැහැ. මේ වන විට මට මගේ ෆේස් බුක් එකට රික්වෙස්ට් සෑහෙන ගණනක් එමින් පවතිනවා. ඒ පැහැසරා නිසා. ඇතැම් අය මැසෙජ් කරනවා මං මේ රික්වෙස්ට් එක එවන්නෙම ඔයාව පැහැසරා එකෙන් දැක්ක නිසා කියලා. ඒ වගේ දේවල් වෙනකොට හිතට ලොකු සතුටක් ලැබෙනවා. පළවෙනි ටෙලි නාට්‍යයෙන්ම මෙවන් වූ ජනප්‍රියත්වයක් ලැබීම එක අතකින් වාසනාවක්.

අද වන විට ඔබේ මව සිටියා නම් ගොඩක් සතුටු වේවි?

අනේ ඔව්. මට මේ සියලු දේ ලැබුණේ මව මිය ගියායින් පසුව. මට හිතෙනවා ඇයගේ ආශිර්වාදය නිසා තමයි මට කෙටි කලකින් මෙතරම් දුර ගමනක් එන්න ලැබුණේ. මට නිරන්තරයෙන්ම ඇයව මතක් වෙනවා.

ඔබ රඟපාන්න කැමැත්තෙන් සිටිය වගට කතාබහෙන් මට දැනෙනවා. එහෙත් ඊට මුලදී යොමු නොවී බැංකු ක්ෂේත්‍රයට යොමු වුණේ ඇයි?

ඒක වුණේ මෙහෙමයි. කලා ක්ෂේත්‍රයට යොමු වෙනවට ගෙදරින් වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. අක්කා තමයි මාව බැංකුවටත් දැම්මෙ. එහෙම වුණත් කාලයක් ගත වී හෝ දෛවය විසින් මට හිමි තැනට ගෙනාවා. මේ වන විට මට හරි යන ක්ෂේත්‍රය මෙතනයි කියලා ගෙදර අය දැනගෙන ඉවරයි. ඒ අයගෙන් ගොඩක් ලොකු සහායක් ලැබෙනවා.

ඒ කියන්නේ රංගනය දැන් ඔබේ වෘත්තීය වෙලා?

මං කැමැති නැහැ රංගනය මගේ වෘත්තීය වෙනවට.

එහෙනම්?

මං රඟපාන්නේ විනෝදාංශයක් විදිහට.

විනෝදාංශයක් විදිහට රංගනයේ යෙදෙන්න පුළුවන්ද?

ඔව් පුළුවන්. මේ මං කරන්නේ. මං කැමැති නැහැ රඟපාලා සල්ලි හොයන්න. මං කියන්නේ මං නිකං රඟපානවා කියලා නෙවෙයි. මට මිලක් තියෙනවා. නමුත් මම ඒ මිල හින්දම රඟපානවා නෙවෙයි. මට ආව නිර්මාණ කිහිපයක්ම මං අතහැරියා. රංගනය වෘත්තීයක් වශයෙන් කළා නම් මට එහෙම කරන්න බැහනෙ.

ඒ කියන්නේ ඔබ රඟපාන්නේ තෝරා බේරාගෙන.

නිවාර්යයෙන්ම.

කොහොමද පැහැසරා දර්ශන තලයේ ගත කරන කාලය?

හරිම සුන්දරයි. එහෙ ඉන්න කොට මට පැහැසරා සඳහා රංගනයෙන් දායකවීමට අවස්ථාව දුන් උපුල් ජයසිංහ, ලලිත් වසන්ත සහ සඳුන් රාජකරුණා යන පිරිස මතක් වෙනවා. රම්‍යා වනිගසේකර, මාධනී මල්වත්තගේ, මහේෂි මධුසංකා, වොල්ගා කල්පනී වැනි අය එක්ක රඟපාද්දී හිතට හරිම සැහැල්ලුයි. නිරන්තරයෙන් මට ඔවුන්ගෙන් සහාය ලැබෙනවා. ඇතැම් අවස්ථාවලදී දර්ශන තලයේ ඉන්න කොට කාලය යනවා තේරෙන්නෙම නැහැ.

ඔබ මේ දවස්වල ජනප්‍රිය වේදිකා නිර්මාණයකත් රඟපානවා නේද?

ඒ නාට්‍ය තමයි සංජය ලීලාරත්න මහත්මයා අධ්‍යක්ෂණය කරන කරපිංචා ඕනෑ. මට ඔහු වගේම එහි රඟපාන රත්නශීලා පෙරේරා වේදිකා රංගගනයේදී ගොඩක් උදව් කරනවා. මේ වන විට කරපිංචා ඕනෑ අති සාර්ථකව රට වටා සංචාරය කරනවා. සෑහෙන්න ලොකු අත්දැකීම් කන්දරාවක් ලැබෙනවා වේදිකාවේ රඟපාද්දී.

කලා ක්ෂේත්‍රය ගැන කලකිරීම් ඇති වූ අවස්ථා නැතිද?

මොකද නැත්තේ. අවස්ථා දෙකක් තියෙනවා. හැබැයි මොනවද කියලා අහන්න එපා. මං දේවත්වයෙන් සලකපු කලාකරුවෝ තමයි මට ඒ හිත රිදෙන දේ කළේ. නමුත් මොළේ තියෙන නිසා ගැලවුණා.

තරින්දිගේ ගම කොහේද?

ගම මීගමුව, කොච්චිකඩේ. වර්තමාන පදිංචිය මාදිවල.

ඉගෙන ගත්තු පාසල?

දංකොටුව හෝලි ඒන්ජල් බාලිකාවෙන්.

උපන් දිනය කිව්වොත්?

අනූ තුනේ කියලා විතරක් දාන්න.

නිළියො සියයට සියයක්ම උපන් දිනේ කියන්නේ අවුරුද්ද නැතුව. මාසයයි දිනයයි. නමුත් ඔබ ඒකෙ අනෙක් පැත්ත?

මම එහෙම තමයි. වැඩි දෙනෙකුට වයසනෙ දැනගන්න ඕන. ඔන්න මම කිව්වා.

තරින්දි මොන වගේ කෙනෙක්ද? කෙටියෙන් කිව්වොත් ඇති?

තැනට සුදුසු විදිහට වැඩ කරන කෙනෙක්.

නව අදහස දක්වන්න