අම්පාර මානික්කමඩු විහාර භූමියේ මායිම් නිරවුල් කිරීමට සාකච්ඡාවක් | දිනමිණ

අම්පාර මානික්කමඩු විහාර භූමියේ මායිම් නිරවුල් කිරීමට සාකච්ඡාවක්

ඓතිහාසික දීඝවාපිය පුජා භුමියේ පරිවාර වෛත්‍යයක් ලෙස සැලකෙන මානික්කමඩු රජමහා විහාරස්ථානයට අයත් භූමිය මිනුම් කටයුතු කර අනවසර පුද්ගලයන් ඉවත් කර පුජා භූමිය නිදහස් කිරීමට 25දා උදේ අම්පාර දිසාපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී තීරණය කරනු ලැබීය .

අම්පාර මහ දිසාපති තුසිත පී. වනිගසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඩී.එම්. ආරියරත්න ශාලාවේදී මේ සාකච්ඡාව පැවැත්විණි. අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර යන මහත්වරු සහ සේනාපතියේ ආනන්ද, ගලගොඩ අත්තේ ඥානසාර යන හිමිවරු ද මේ සාකච්ඡාවට සහභාගි වූහ.

මේ ඉඩම් මැනීමේ කටයුතු 26 වනදා ආරම්භ කරන බවත් අප්‍රේල් 30 වන දා වන විට නිම කරන බවත් මිනුම් අධිකාරි එම්. අයි. එම් රෆීක් මහතා මෙහි දී පැවසීය.

ඡායාරූපය - දිගාමඩුල්ල සංචාරක 

නව අදහස දක්වන්න