මෙරට නව කියුබානු තානාපතිනිය යහලකැලේ වත්ත ප්‍රදේශයේ සංචාරයක | දිනමිණ

මෙරට නව කියුබානු තානාපතිනිය යහලකැලේ වත්ත ප්‍රදේශයේ සංචාරයක

 ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපතිනිය ලෙස මෙරටට පත්ව ආ හෙලේනා ජුවානා රාමෝස් මහත්මිය පසුගියදා හොරණ මොරගහහේන යහලකැලේ වත්ත ප්‍රදේශය වෙත පැමිණියා.ඒ කියුබානු විප්ලවවාදියකු වන අර්නස්ටෝ චේ ගුවේරා විසින් ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේදී රෝපණය කරන ලද මහෝගනී වෘක්ෂය නිරීක්ෂණය කිරීම සඳහායි.

මහජන එක්සත් පෙරමුණේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම පිරිස පිළිගන්නා ලදී.වෘක්ෂය නිරීක්ෂණය කළ රාමෝස් මහත්මිය ඇතුලු පිරිස එහි සිහිවටන ඵලකය සහිත ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරනු ලැබුවාය.මෙම අවස්ථාවට අයිකැප් කියුබානු ශ්‍රී ලංකා මිත්‍ර සංගමයේ යැක්නියා කැල්ගාඩෝ රෝසා මෙනවිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.මෙම ගස සිටුවන අවස්ථාවේ ඊට දායකවූ පිරිස් අතරින් දැනට ජීවත්ව සිටින එකම පුද්ගලයා වන සෝමපාල මහතාද මීට සහභාගී විය.

ඡායාරූප-ඉංගිරිය විශේෂ

 

නව අදහස දක්වන්න