අමෙරිකාව - උතුරු කොරියාවට අනතුරු අගවයි | දිනමිණ

අමෙරිකාව - උතුරු කොරියාවට අනතුරු අගවයි

"දින කීපයක් ඇතුළත" දකුණු කොරියාව තුළ මිසයිල ආරක්ෂණ පද්ධතිය සක්‍රිය කිරීමට සැලසුම් කරන බව ඇමරිකාව පවසයි.

එමෙන්ම උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක තවදුරටත් තර කරන බවටත් ඇමරිකාව අනතුරු අඟවයි.

තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය 2017 වසරේ අග භාගයවන තෙක් භාවිතයට නොගන්නා බව මුලින් ප්‍රකාශයට පත් විය.

තමන් උතුරු කොරියාවේ ඉලක්කයට ලක් විය හැකි බවට බිය පළ කරන බොහෝ දකුණු කොරියානු වැසියෝ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් විරෝධය පළ කරති.

තවදුරටත් මිසයිල සහ න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු කරන බවට උතුරු කොරියාව ප්‍රතිඥා දී තිබේ.

 

නව අදහස දක්වන්න