‘මහවැලි ප්‍රතිභා’ ජනපති ප්‍රධානත්වයෙන් | දිනමිණ

‘මහවැලි ප්‍රතිභා’ ජනපති ප්‍රධානත්වයෙන්

සුදත් සිල්වා

මහවැලි කලාපවල දූ පුතුන්ගේ කලා හා සංස්කෘතික නිර්මාණ පෙළ ගැසුණු, මහවැලි ප්‍රතිභා අන්තර් කලාපීය කලා මංගල්‍යය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මහවැලි ගම්මානවල පිහිටි පාසල්වල අධ්‍යාපනය හදාරන දරුදැරියන්ගේ කලා හා සංස්කෘතික හැකියාවන් ඔප මට්ටම් කිරීමේ අරමුණින් ජනාධිපතිගේ සංකල්පයකට අනුව, මහවැලි සංස්කෘතික බළකාය හා මහවැලි කේන්ද්‍රය එක්ව, මහවැලි ප්‍රතිභා, සංස්කෘතික මංගල්‍යය සංවිධාන කර තිබුණි.

මහවැලි දරු දැරියන් 850ගේ පමණ සහභාගිත්වයෙන් පැවැති මෙවර මහවැලි ප්‍රතිභා අන්තර් කලාපීය සංස්කෘතික මංගල්‍ය මහවැලි දූ පුතුන්ගේම ගායන, වාදන, නර්තන හැකියා රැසකින් විචිත්‍රවත් කෙරිණි.

සුවිශේෂි දක්ෂතා දැක්වූ දරු දැරියන්ට සහතික පත් සහ තිළිණ ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය. අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජිත් විජයමුණි ද සොයිසා, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ ප්‍රසාද් ලේකම්ගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද, තානාපතිවරුන්, කලාකරුවන්, ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න