සනත් ගුණතිලක විශිෂ්ට රංගනයක යෙදෙන පැණි මකුළුවෝ සිනමාපටය එළඹෙන මැයි මස හතර වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ රිකී - කොළඹ, රිට්ස් - බොරැල්ල, කන්ට්රස් - දළුගම ආදි සිනමා ශාලා කිහිපයක තිරගතවීමට නියමිතය. ඉසුරු වීරසිංහ මුදලි සමග චලීන් මධුරංග සම අධ්යක්ෂණය කළ මෙහි සනත් සමඟ දිනෙත් ද සිල්වා, අයිෂ් අතුකෝරළ, ප්රියෝටා ෆර්ලිම් යන පිරිස රංගනයෙන් දායක වී තිබේ. පැණි මකුළුවෝ යූ. ඒ. පල්ලියගුරුගේ ගේ නිෂ්පාදනයකි. සංගීත අධ්යක්ෂණය සෙනෙත් දයානන්ද සහ චතුරංග ඩි සිල්වා විසින් නිමකොට ඇත. ගායනය අමරසිරි පීරිස් සමඟ සෙනෙත් දයානන්දගෙනි. පැණි මකුළුවෝ සම අධ්යක්ෂණයෙන් දායක වූ ඉසුරු කලර් සිනමාපටයේ අධ්යක්ෂවරයා වේ. මෙහි නිෂ්පාදක යූ. ඒ. පල්ලියගුරු (උදාර පල්ලියගුරු) සුපර් සික්ස් සිනමාපටයෙහි අධ්යක්ෂවරයාය.
අදහස් 1ක් ඇත
MAKULUWA???
නව අදහස දක්වන්න