බඹර ප්‍රහාරයකික් වතු කම්කරුවන් 9ක් දික්ඔය රෝහලට | දිනමිණ

බඹර ප්‍රහාරයකික් වතු කම්කරුවන් 9ක් දික්ඔය රෝහලට

නෝර්වූඩ්, “අයිරබි” තේ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට (28) පෙ.ව. 11.00 ට පමණ බඹර ප්‍රහාරයක් එල්ලවීමෙන් කම්කරුවන් 09 දෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් 06 දෙනෙක් හා පිරිමින් 03 දෙනෙක් සිටිති. තුවාල කරුවන්ගෙන් එක් කාන්තාවක් හා පිරිමි දෙදෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, අනෙක් තුවාලකරුවන් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇති බවත් දික්ඔය රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

මෙම කම්කරුවන් නෝර්වූඩ් “නිව්ටන්” වත්තේ පදිංචි කරුවන් බවත්, ඔවුන් දෛනික සේවා සඳහා අයිරබි වතුයායට ගොස් තේ දලු නෙළමින් සිටියදී මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවත් නෝර්වූඩ් පොලීසිය පවසයි.

මස්කෙළිය සමූහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
ඡායාරූප -මස්කෙළිය සමූහ 

නව අදහස දක්වන්න