දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස ගුණ සමරුව අද | දිනමිණ

දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස ගුණ සමරුව අද

ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 24 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් පවත්වන ප්‍රධාන සමරු උත්සවය අද(01) පෙරවරු 8.00ට කොළඹ අලුත්කඩේ ප්‍රේමදාස පිළිරුව අබියසදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එමෙන්ම ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ගුණානුස්මරණය වෙනුවෙන් අද(01) පෙරවරු 6.00ට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මහා සංඝරත්නය විෂයෙහි පිරිනමන සපිකරිකර සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වෙන අතර ඊයේ(30) පස්වරු 7.00ට බණ්ඩාවෙල අමිතානන්ද හිමියන් විසින් පවත්වනු ලබන සුමදුර ධර්ම දේශනයක් ශ්‍රී සුචරිත ශාලාවේදී පැවැත්විණ.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා 1993 මැයි 01 දින එක්සත් ජාතික පක්ෂයේ මැයි පෙළපාලියේ ගමන් කරමින් සිටියදී කොළඹ ආමර් වීදියේදී මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුගේ ප්‍රහාරයකින් ඝාතනයට ලක්විය.

කොළඹ අලුත්කඩේ ප්‍රේමදාස පිළිරුව අභියසදී පැවැත්වෙන 24 වැනි ගුණානුස්මරණ උත්සවය සඳහා හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය, ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පවුලේ ඥාතීන්, දේශපාලඥයින් ඇතුලු විශාල පිරිසක් සහභාගි වෙති.

උපාලි කරුණාරත්න 

නව අදහස දක්වන්න