මඟුල් ගෙදර ගිය රිය පෙරළී කතක් මරුට | දිනමිණ

මඟුල් ගෙදර ගිය රිය පෙරළී කතක් මරුට

 බදුල්ල - බිබිල මාර්ගයේ මොරගහකඳුර පාලම අසලදී (1)දා අලුයම 1.15ට පමණ විවාහ මංගල උත්සවයකට සම්බන්ධවී ආපසු යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් පෙරළීයාමෙන් කාන්තාවක් මියගොස් රියැදුරු ඇතුළු 12 දෙනෙක් බරපතළ තුවාල ලබා මොනරාගල ‍මහ රෝහලට ඇතුළත්කර ඇතැයි පොලිසිය පැවසීය.

සෙවළගල, ලක්සිරිගම පදිංචි මද්දුමගේ කරුණාවතී (64) නැමැත්තිය මියගොස් ඇත.

සෙවණගල පදිංචි පිරිසක් වැලිකන්ද සෙවණපිටිය ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගිවී ආපසු යනවිට අනතුර සිදුවූ බව පොලිසිය පවසයි.

රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව, රථවාහන අංශයේ ස්ථානාධිපති සැරයන් (580) නලින් කුමාර යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

ඡායාරූපය - සොරණාතොට සමූහ 

නව අදහස දක්වන්න