රත්නපුර දිස්ත්‍රික් අයෝම පුරුෂයා ඇඹිලිපිටියේ නයන ඕවින්ද | දිනමිණ

රත්නපුර දිස්ත්‍රික් අයෝම පුරුෂයා ඇඹිලිපිටියේ නයන ඕවින්ද

රත්නපුර දිසා විශේෂ එන් පී රාජදොරේ
තරගයේ ජයග්‍රාහකයන් සංවිධායකයන් සහ විනිසුරුවන් සමග

රත්නපුර ඔරලෝසු කනුව ඉදිරිපිට සුළු මැණික් වෙළඳ ව්‍යාපාරික පිරිස විසින් 41 වැනි වරට සංවිධාන කළ අවුරුදු උළෙලට සමගාමීව පැවැති රත්නපුර දිස්ත්‍රික් අයෝමය පුරුෂයා තේරීමේ තරගයෙන් ජය ගැනීමට ඇඹිලිපිටිය කායවර්ධන ක්‍රීඩා සමාජයේ එන්.කේ.නයන ඕවින්ද සමත් විය.

රත්නපුර ඔරලෝසු කනුව ඉදිරිපිට පැවැති මේ තරගාවලියේ දෙවැනි ස්ථානය රත්නපුර අමිල ධනුෂ්ක දිනාගත් අතර තෙවැනි ස්ථානය පී.එස් කණ්නාට හිමිවිය.

රත්නපුර පල්ලියපාර සිකුරුටි සර්විස් අධිපති එම්.ඒ.එන්.ආර් විජේ ගුණවර්ධන මහතාගේ පුර්ණ අනුග්‍රහයෙන් පැවැති මේ තරගය ශ්‍රී ලංකා ශාරීරික හා කායවර්ධන සංගමයේ නිලධාරීන් විසින් විනිශ්චය කරන ලදී.

නව අදහස දක්වන්න