කේරළ ගංජා විකිණූ තිදරු මවක් අත්අඩංගුවේ | දිනමිණ

කේරළ ගංජා විකිණූ තිදරු මවක් අත්අඩංගුවේ

කොළඹ ප්‍රදේශයේ වැඩට යන පුතා සති අන්තයේ රැගෙන එන ගංජා අටුගොඩ දමුණුපොල සහ ඒ අවට ගම්මාන වලට බෙදු තිදරු මවක් කේරළ ගංජා ග්‍රැම් 20 ක් සමග අත්අඩංගුවට ගැනීමට කෑගල්ල දිසා විෂ මත්පැන් වැටලීම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් සමත්විය.

බුලත්විට සහ වඩේ විකිණීමේ යෙදී සිටින සැකකාරිය ,වඩේ ගැනීමට පැමිණෙන අයට මෙසේ ගංජා අලෙවි කිරීමට යාමේදී ඇය මෙවර අත්ඩංගුවට පත්වි ඇති බවද පැවසේ . කෑගල්ල පොලිසිය විසින් ඇයට එරෙහිව චෝදනා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කිරිමට නියමිතව තිබුණු අතර ඇය පෙරවැරදි සඳහා දඩුවම් ලැබු අයෙක් බවද වාර්තා වි තිබුණි.

මෙම වැටලිම සහකාර පොලිස් අධිකාරි නිමල් ධර්මප්‍රිය මහතාගේ උපදෙස් පරිදි කෑගල්ල විෂ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකයේ නිලධාරින් වන පො.සැ.33384 ලක්ෂමන් , පො.කො 36285 අජිත් , පො.කො 48676 මාරසිංහ, පො.කො.48821 දිසානායක , පො.කො.85872 සේනාධිර , කා.පො.කො. 4034 ප්‍රියදර්ශනි , කා.පො.කො 6997 ගයානි , පො.සැ.රි. 52275 ජයතිලක යන නිලධාරිහු එක්ව සිටියහ. 

සබරගමුව සමුහ

නව අදහස දක්වන්න