පුස්තකාල පරිහරණය විධිමත් නෑ | දිනමිණ

පුස්තකාල පරිහරණය විධිමත් නෑ

අන් අයට බාධා වන පරිදි තැබුණු පුටු

මහජන පුස්තකාලවල කියවීම් ශාලාවෙන් ප්‍රයෝජනය ලබන ඇතැම් අය ඒවා පිළිවෙළකට තබා ගැනීමේ ප්‍රයත්නයට දායක නොවන බවත් ඒ වෙනුවට ඔවුන් අපරීක්ෂාකාරීව කටයුතු කරන බවත් මහියංගණය, මිනිපේ, හෙට්ටිපොළ-විල්ගමුව, දෙහිඅත්තකණ්ඩිය, මීගහකිවුල, කන්දකැටිය, මහඔය හා පදියතලාව යන ප්‍රාදේශිය සභා යටතේ පවතින මහජන පුස්තකාලවල කාර්ය මණ්ඩල ඉදිරිපත් කළ තොරතුරුවලට අනුව පෙනී යයි.

කියවීමට ගන්නා පුවත්පත් යළිත් පිළිවෙළකට නවා නොතැබීම, වාඩිවීමට ගන්නා පුටු තිබූ පරිදි තබා නොයෑම, කියවීම් ශාලාවක පැවතිය යුතු නිශ්ශබ්දතාවය ගැන නොතකා කසු-කුසු ගෑම, දුරකතන භාවිතය හා කියවීමේ කාර්යයට පැමිණෙනවා වෙනුවට කාලය ගත කිරීමට පැමිණ දෙතුන් දෙනා කතා-බහ කිරීම වැනි දේවල් කරන මෙම අයවළුන් කාර්ය මණ්ඩලයට මෙන් ම අන් පාඨක ජනයාටත් මහත් බාධාවක් බව තොරතුරු දැක්වූ පුස්තකාල ආරංචි මාර්ග කියති.

මහජන පුස්තකාලයකට පැමිණ පුවත් පත් කීපයක් කියවූ පාඨකයකු තමා භාවිතා කළ පුටුව අන් අයට අවහිරයක් වන පරිදි තබා නැගිට ගිය අතර ඒ බව දක්වමින් එම පුස්තකාලයේ පවතින ඉහත කී තත්ත්වය ගැන කරුණු පැහැදිලි කෙරෙද්දී ගත් ඡායාරූපයකි මේ.

මහවැලි කලාපීය නවරත්න බණ්ඩාර

නව අදහස දක්වන්න