ඔබට කොහොමද? | දිනමිණ

ඔබට කොහොමද?

මැයි 03 සිට මැයි 10 දක්වා

මේෂ
කලාවට සුබයි

හදිසි ධන වාසි ඇත. එදිනෙදා දෛනික වැටුප් ලබන අයට වාසිසහගත අවස්ථාවකි. හදිසි වාසස්ථාන මාරුවීම්වලට ද ඉඩ ඇත. පාසල් යෑමට ශිෂ්‍යයන් වශයෙන් අදිමදි කරයි.

ලොතරැයි වාසිය ඇත. කාර්යාලවල ගොඩගැසී තිබූ ලිපිගොනු සති අග සිට යථා තත්ත්වයට පත්වෙයි. සෞන්දර්ය කලා විශේෂයෙන් සංගීතය, නර්ථන ක්ෂේත්‍රවලට වාසිදායකය.

සෙම් රෝග, ආමාශ රෝග ආදිය ඉස්මතුවෙයි.

වෘෂභ
විදේශ ගමන්

තලතුනා මිතුරන්ගෙන් උදව් ලබයි. සංගීත, නාට්‍ය ආදි ක්ෂේත්‍රවල අය සතුටුදායකයි. හදිසි කෙටි ගමන් ඇත. නීති ප්‍රශ්නවලට ද මුහුණ දීමට ද සිදුවිය හැක. සුඛෝපභෝගී දෑ ගැනීමට වැඩියෙන් වියදම් කරයි. හදිසි දුර බැහැර ගමන් සිදුවෙයි. විදේශ ගමන් ද එසේ විය හැක. රුමැටික්, උගුර ආබාධ ඇත.

මිථුන
රැකියාෙව් උසස්වීම්

ලැබිය යුතු ලියුම්, ආරාධනා පත්‍ර ආදිය ලැබෙයි. කාර්යාලවල ගොඩගැසී තිබූ ලිපිගොනු නිරවුල්වෙයි. සුළු සුළු වශයෙන් වෙන හදිසි වියදම් ඇත. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය මෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ද සති අග සිට ප්‍රගතියක් පෙන්වීමට පටන්‍ගනියි.

සෞන්දර්ය කලා ක්ෂේත්‍රවල අය දැඩි කැපවීමකින් යුක්තව එහි නිරත වන අතර එහි ප්‍රතිලාභ ද ලබයි.

රාජකාරි උසස්වීම්වලට නිර්දේශ විය හැක. උගුර, බෙල්ල, උදරාබාධ ඇතිවිය හැක.

කටක
හදිසි තීරණ

බොහෝ තීරණ හදිසියේ ගනියි. යම් යම් අපේක්ෂාවන් හදිසියේම වාගේ ඉටුවෙයි. වෘත්තීමය කටයුතු ද පහසු වාතාවරණයක් යටතේ කිරීමට හැකි පරිපාලන බලය ද ඉස්මතුවෙයි. උසස්වීම් ලැබීමටත්, වේතන වැඩිවීමටත් වාතාවරණයක් සෑදේ. ගුප්ත රෝග වැළඳීමේ ප්‍රවනතාවය තවමත් ඇත.

ආමාශ රෝග, සෙම් ‍අමාරු ආදිය ඉස්මතුවෙයි.

සිංහ
ආදායම් වැඩිවේ

වෘත්තීමය කටයුතු සහ පරිපාලන කටයුතුවල සාර්ථකභාවය පෙන්වන්නෙකි. වෘත්තීමය වශයෙන් වන හදිසි වෙනස්කම් ද පෙන්වයි. නමුත් එයින් අවාසියක් නොවෙයි. හදිසි වියදම් වැඩියි. පාසල් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවලට නරක නැත. වෘත්තීමය වශයෙන් යන විදේශ ගමන් ද පෙන්වයි. සති අග සිට හිරවූ මුදල් ලබයි. ආදායම් තත්ත්වය ද දියුණුවෙයි. කොන්දේ අමාරු, හදවත් රෝග, රුමෙට්ක් ආබාධ ඇති විය හැක.

කන්‍යා
හදිසි අනතුරක්

කාර්යාලවල ගොඩගැසී තිබූ ලිපිගොනු නිරවුල් වෙයි. ලැබිය යුතු ලියුම් චෙක්පත් ආදිය ද ලබයි.

පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය සාර්ථකය. නමුත් උසස් අධ්‍යාපන කේෂ්ත්‍රය මන්දගාමී ලෙස ඇදෙයි. සෞන්දර්ය කලා ක්ෂේත්‍රවල අයට හිතකරයි. ඉඩම් හෝ වාසස්ථාන පිළිබඳ අවාසිසහගත තත්ත්වයක් ඇතිවිය හැක. හදිසි වාහන අනතුරක් සිදුවිය හැක.ගුප්ත රෝග වැළඳිය හැක. ආමාශ, ආබාධ සහ සෙම් අමාරු ගැන ද සැලකිළිමත් වන්න.

තුලා
ප්‍රභූන්ගෙන් උපකාර

ස්ත්‍රී පාර්ශවවල ප්‍රධානීන්ගෙන් සහ ප්‍රභූන්ගෙන් උපකාර ගතහැක. වැඩිමල් සොහොයුරියන්ගෙන් ද එසේය. ගුප්තවිද්‍යා, භෞතික විද්‍යා ආදිය හැදෑරීමටත් ගවේෂනය කිරීමටත් හොඳ වකවානුවකි. හදිසි දුරබැහැර ගමන් මෙන්ම හදිසි මුදල් වියදම් ද ඇත. ලොතරැයි ගැනීමට හොඳය.ආමාශගත ආබාධ, සෙම් අමාරු ආදිය ඇතිවෙයි.

වෘශ්චික
වන්දනා ගමන්

හදිසි මුදල් වාසි ඇත. ගමන් මෙන්ම වන්දනා ගමන් ද ඇතිවෙයි. තම සේවා ස්ථානයේ කරදර ඇත. එහි ස්ත්‍රී පාර්ශ්වයන් සමඟ ගැටුම් ඇතිවිය හැක.පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවේ. උසස් අධ්‍යාපන කටයුතුවලට විශේෂයෙන් සති අගසිට හිතකරයි. දානමාන පුණ්‍ය කටයුතුවලද යෙදීමට සිදුවෙයි. මුදල් හිරවීම් සිදුවිය හැක.

හිසේ අමාරු, දියවැඩියා, උගුරේ අමාරු ඉස්මතුවිය හැක.

ධනු
විනෝද චාරිකා

හදිසි මුදල් වියදම් වෙයි. නමුත් පින්දහම් කටයුතු පුණ්‍ය ආයතන වෙනුවෙන් ද මුදල් පරිත්‍යාගයක් සිදුවෙයි. හදිසි තීරණ ගැනීමට පෙළඹෙයි. ඒවා අවාසියට පෙළඹිය හැක. ප්‍රිය සම්භාෂණ උත්සව ආදියට නිතර සහභාගිවීමට සිදුවෙයි. දුරබැහැර විනෝද චාරිකා යෙදේ.

පෙම් සබඳතාවලට බාධා ගෙනදෙයි. පාසල් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන යන ක්ෂේත්‍ර දෙකටම සති අග සිට හිතකර වාතාවරණයක් සෑදෙයි.

මකර
වියදම් අධිකයි

පැරණි මිතුරන් ද හමුවෙයි. ගුප්ත විද්‍යාව කෙරෙහි ආසාවක් ඇතිවෙයි. කෙටි ගමන් සඳහා වියදම් වේ. වාහන ඇති අයට ඒවා පවත්වාගෙන යෑමේ වියදම් වැඩියි.

ඉතා හදිසි ඈත ගමන් යෙදෙයි. එය වන්දනාගමන් ද විය හැක. විදේශ ගමන් යෙදවිය හැක. හදිසි තීරණ ගනියි. නමුත් ඒවායින් අවාසියක් වන්නේ නැත. පෙම්වතුන් රහස් ප්‍රේමයනට හොමුවෙයි. පාසල් අධ්‍යාපන කටයුතුවලට නරක නැත. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට සති අග සිට ප්‍රගතියක් පෙන්වයි. ළය පීනස ඉස්මතුවෙයි.

කුම්භ
ඉඩකඩම් ප්‍රශ්න

සිදුවන්න යන දේ ගැන ඉවක් ඇතිවෙයි. හදිසි ධන වාසි ඇත. අධ්‍යන ක්ෂේත්‍රවලට හොඳ වකවානුවකි. හදිසි වාසස්ථාන වෙනස්කම්වලට හේතුසාධක පැනනැගිය හැක. ඉඩකඩම් ප්‍රශ්න සම්බන්ධව ගැටුම් ඇතිවිය හැක. විවාහ මංගල ‍යෝජනා මඟුල් තුලා කටයුතු ආදියට හිතකර නොවේ. රැවටීම්වලට ද භාජනය වෙයි. සෞන්දර්ය කලා ක්ෂේත්‍රවල අයට ද ජනප්‍රියවීමට ඇති ඉඩකඩ වැඩිය.

නින්ද නොයැම වැනි අපහසුතාද ආමාශ, හිසේ රෝග ගුප්ත රෝග ඇතිවිය හැක.

මීන
ලොතරැයි ජය

ලොතරැයි ජය පෙන්වයි. හදිසි තීරණ ගනියි. නමුත් ඒවා වාසියට හිටියි. හදිසි කෙටි ගමන් වැඩිය. සෞන්දර්ය කලා වේදීන්ට ප්‍රගතියක් පෙන්වන සතියකි. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට හොඳයි. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට සති අග සිට ප්‍රගතියක් ඇතිවෙයි. වෘත්තීමය කටයුතුවලට අභියෝග අවහිරකම්වත් මැකී නොයයි. රහස් සතුරු කුමන්ත්‍රණ ද විවිධ ස්වරූපයෙන් එයි. අය ක්ෂේත්‍රයේ පසුබෑමක් නැත.

පින් දහම් ආදියට ද ගත සිත දෙයි. හදිසි රෝහල් ගතවීම් ප්‍රවණතාවක් මේ සතියේ ඇත.

හිසේ අමාරු, වකුගඩු, මූත්‍රා අමාරු ආදිය ඉස්මතු වෙයි.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
පානදුරේ
රෝහන් වීරරත්න

නව අදහස දක්වන්න