කුමාරසිංහ මහත්මිය හට තීරුබදු රහිතව දුන් වාහනයට අදාළ බදු මුදල් අය කර ගන්න – කැෆේ සංවිධානය | දිනමිණ

කුමාරසිංහ මහත්මිය හට තීරුබදු රහිතව දුන් වාහනයට අදාළ බදු මුදල් අය කර ගන්න – කැෆේ සංවිධානය

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය  ‘රිට්‌’ ආඥවක්‌ නිකුත් කරමින් ඇය  පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයක් දැරීමට නුසුදුසු අයෙකු ලෙස සලකා ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය අහෝසි කිරීම නිසා  ඇය වෙත තීරු  බදු සහන යටතේ නිකුත් කර තිබූ වාහනය සඳහා අදාල බදු මුදල් වහාම අයකරගැනීමට කටයුතු කරන්නැයි කැෆේ සංවිධානය ඉල්ලා සිටියි.

මහා භාණ්ඩාගාර ලේකම් වරයා ගෙන් සහ කථානායක වරයා ගෙන් කැෆේ සංවිධානය ලිඛිතව මෙම ඉල්ලීම කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය වෙත රජයෙන් තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නිකුත් කොට ඇති අතර ඒ සදහා තීරු බදු සහන ලබා දී ඇති බවත් එමගින් රජයට අය විය යුතු බදු මුදල් අහිමිවීමක් සිදුව ඇති බවත් කැෆේ සංවිධානය අවධාරණය කරයි.

එබැවින් හැකි ඉක්මනින්, ගීතා කුමාරසිංහ මහත්මිය ගේ රථයට අය විය යුතු රජයේ බදු මුදල් ද,එයට අය විය යුතු අධි භාරය ද අය කර ගැනීම සදහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටියි.

නව අදහස දක්වන්න