‘පරිස්සමින් ගිහින් එන්න’ වැඩසටහන ඇල්පිටියේදී | දිනමිණ

‘පරිස්සමින් ගිහින් එන්න’ වැඩසටහන ඇල්පිටියේදී

ඇල්පිටිය සමුහ අයි.එම්.වී.සී. ගුණසේකර

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සංවිධානය කරන ‘පරිස්සමින් ගිහින් එන්න’ ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහන යටතේ රථවාහන රියැදුරන් දැනුම්වත් කිරීම ඇල්පිටිය නගරය ආවරණය වන පරිදි ක්‍රියාත්මක විය.

‘පරිස්සමින් ගිහින් එන්න’ ස්ටිකරය රථවාහන වල හොඳින් පෙනෙන පරිදි ප්‍රදර්ශනය කිරීම හා අනතුරු අවම කරගැනීමටත් අනතුරු වළක්වා ගැනීමටත් රියැදුරන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අත් පත්‍රිකා බෙදාදීම මෙහිදී සිදුකළ අතර ඒ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම වැඩසටහන බස්නැවතුම්පළ ඉදිරිපිටින් ආරම්භ කෙරිණි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතීඥ රවී ජයවර්ධන, ක්‍රියාකාරී අධ්‍යක්ෂ නුවන් සොමිරත්න, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් සීසර කුමාර මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිලධාරීහු ද එක්වූහ.

නව අදහස දක්වන්න