තොරතුරු පනත පන ගැන්වීමට ගෙන ඇති පියවරට ඇමති ගයන්තට ලෝක බැංකුවේ පැසසුම් | දිනමිණ

තොරතුරු පනත පන ගැන්වීමට ගෙන ඇති පියවරට ඇමති ගයන්තට ලෝක බැංකුවේ පැසසුම්

ලෝක බැංකුවේ Equitable Growth Finance & Institutions (EFI) ආයතනයේ උප සභාපති ජෑන් වෙලිසර් (Jan Walliser) මහතාගේ නිල ශ්‍රී ලංකා සංචාරය මැයි 04 සහ 05 දෙදින සිදුකරන අතර එහිදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමුවීම 04දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී සිදුවිය.

එහිදී හ්‍රී ලංකාවේ තොරතුරු කොමිෂම හා තොරතුරු පනත පිළිබඳව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා ලෝක බැංකුවේ දායකත්වය පිළිබඳව මෙහිදී සකෙච්ඡාවිනි.

ඉතා කෙටි කලක් තුල ශ්‍රී ලංකාව තොරතුරු පනත හඳුන්වාදීම පිළිබඳව සහ  තොරතුරු කොමිෂම පිහිටුවීමට කටයුතු කිරීම සම්බන්ධව ලෝක බැංකු නියෝජිතයින්ගේ පැසසුමට ඇමති ගයන්ත හා එම කොමිෂමේ නිළධාරීන් ලක්වූහ.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදේශක ජයතිස්ස රණසිංහ සහ අලුතින් ඇතිකල තොරතුරු කොමිෂමෙහි නිළධාරීන් එක්වූහ.

නව අදහස දක්වන්න