නියගයෙන් විපතට කුරුණෑගල ජනතාවට ජලය | දිනමිණ

නියගයෙන් විපතට කුරුණෑගල ජනතාවට ජලය

නියගයෙන් විපතට පත් කුරුණෑගල දිස්ත්‍රික් ජනතාවට ජලය සැපයීමට ආපදාකළමනාකරන අමාත්‍යංශය මගින් ජලබවුසර් 17 ක් හා ජලටැංකි 500 පමණ ලබා දී ඇති බව කුරුණැගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ වන විට කුරුණැගල දිස්ත්‍රික්කයේ පවුල් 19128 ක පුද්ගලයන් 65.000 කට ආසන්න පිරිසක් පානීය ජලය නොමැති වීමෙන් ආපදාවට ලක්ව ඇත.

මේ තතත්වය වලක්වා ගැනීම සදහා කුරුණැගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 17 ක ග්‍රාම නිලධාරී වසම් 134 ක ජනතාව වෙත පානීය ජලය ලබා දීමට කටයුතු යොදා ඇත.

නියං තතත්වය දැඩි බලපෑ ඇත්තේ අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වන අතර එහි ග්‍රාම නිලධාරී වසම් 40 කට නියගයෙන් බලපෑම් එල්ල වී ඇත.

නව අදහස දක්වන්න