රන් කහවණු සොයා එතෙර ගිය මනෝරි අවසන් ගමනේ | දිනමිණ

රන් කහවණු සොයා එතෙර ගිය මනෝරි අවසන් ගමනේ

මරණය ගැන සැකයි-විධිමත් පරීක්ෂණයක් ඕනෑ

සෞදි ජුබෙයිහි ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කළ පස්සර අත්තම් නිවාස යෝජනා ක්‍රමයේ අංක 25 හි පදිංචි දිනුෂී ප්‍රියංගා මනෝරී වු තම දියණියගේ මරණය සැක සහිත බව ඇගේ මව සහ පවුලේ ඥාතීහු බලධාරීන්ට පැමිණිලි කර ඇත.

මනෝරී 36 හැවිරිදිය. ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ මවකි.2014 අවසාන කාලයේදී ඇය ඩුබායි රටට ගියේ කෙටි කලක් එහි රැදී හිද තම ආර්ථිකය මීට වඩා දියුණු කර ගෙන තම ස්වාමී පුරුෂයා හා දරුවන් සමග සතුටින් ජීවත් වීමටය.

එහෙත් 2017 මාර්තු මස අග සතියේදී සිට ඇය සිය මව සහ ඥාතීන් අමතමින් වාර කිහිපයකදී කියා ඇත්තේ ඇය යම් අපහසුතා කිහිපයක් නිසා දුකසේ එහි කල් ගෙවන බවයි.

මේ සම්බන්ධයෙන් විටින් විට ඇගෙන් තොරතුරු ලබා ගෙන සිටින මනෝරිගේ මව වන මහගොඩ විතාරණලාගේ චන්ද්‍ර කාන්ති මහත්මිය මෙසේ කීවාය-

මගේ දියණිය මේ ගමන ගියේ අපේ ආශිර්වාදය ඇතිවයි.එයා අවුරුදු දෙකයි මාස අටක්ම එහෙ රැකියාව කළා.සතුටින් ඉන්න බව පෙණුනා.නමුත් මෑතක සිට දියණිය කථා කළේ මහත් බියකින් හා කල කිරිමෙන් බව තේරුණා.මේවට අපි හේතු ඇහුවේ නැහැ.එයා කිව්වෙත් නැහැ.

මේ මාසේ 7 වෙනිදා කථා කරල කීවා අම්මේ මට මෙහෙ ඉන්න බැහැ,ගෙදර එන්න ටිකට් එකක් එවන්න කියලා.අප්‍රේල් 8 වෙනිදා අපි කොළඔ ගිහිල්ල එයාට ඒකත් යැව්වා. පස්සේ 8 වෙනිදි මට දැනුම් දුන්නේ මා හිටපු ගෙදර මහත්තයා මාව ජුබෙයිහි ඒයාර් පෝට් එකට දාල යන්න ගියා . මා මෙහි තනි වුණා කියලා.ටිකවෙලාවකට පස්සේ ආයිත් කීවා මට හරි අමාරුයි මාව මැරෙයිද දන්නේ නැහැ කියල.ඒ වෙලාවේ මම එයාට කීවේ ඔයාට මොකුත්

වෙන්නේ නැහැ ප්‍රවේසමෙන් එන්න කියල.ඒ වෙලාව 8 වෙනිදා උදේ 6.30 ට විතර ඇති.

ඊට පස්සේ ඉදල දුවගේ දුරකථනය වැඩ කළේ නැති වුණ නිසා අපි කලබලයට පත් වුණා.එතැන් සිට මෙයා ගැන සොයල දෙන්න කියල දැන්විය යුතු සියලු තැන්වලට දැන්වුවා.නමුත් 2017 අප්‍රේල් මස 24 වන තෙක් ඇය ගැන කිසිම හෝඩුවාවක් දැන ගන්න තිබුනේ නැහැ.පස්සේ එදින ප.ව.2.30 ට පමණ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කථා කරල කීවේ මනෝරී නැමැත්තිය මිය ගොස් ඇති බවයි.එය සනාථ කර ගැනීමට අපි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමැති රවි සමරවීර මහතාටද මේ බව කිව්වා.ඊට පිළිතුරු එවමින් එතුමාද කීවේ අපේ දියණිය මිය ගොස් ඇති බවයි.ඇගේ මෘත ශරීරය ලංකාවට ගෙන්වා ගැනීමට එතුමා පුර්ණ සහය ලබා දෙන බවත් අවශ්‍යතා අනුව අනෙක් කටයුතුවලටත් සහය ලබා දෙන බවත් එවන ලද පණ්වුඩයෙන් දන්වා සිටියා.‍දියණියගේ සැමියා ඇය අතහැර ගිහින් .වැඩිමහල් දුවත් තරුණයෙක් එක්ක ගියා. මේ නිසා අප දැඩි කලකිරීමෙන් ඉන්නේ .

පස්සර සමුහ උබයරත්න වනසිංහ

නව අදහස දක්වන්න