විස මත් ද්‍රව්‍ය තොගයක් මාතලෙන් අල්ලයි | දිනමිණ

විස මත් ද්‍රව්‍ය තොගයක් මාතලෙන් අල්ලයි

මහ පරිමාණයෙන් මාතලේ නගරයේ මාවා නැමැති විස මත් ද්‍රව්‍ය තොගයක් අලෙවි කිරීමට සුදානම් කර තිබියදී මහමොලකරු සමඟ 5ක් මාතලේ පොලිසියේ කොට්ටාස අපරාධ අංශය මඟින් 4දින සවස අත්අඩංගුවට ගෙන ඇත .

මෙම ජාවරම සඳහා මෙම මාවා වර්ගය ඇතුළු විස මත්ද්‍රව්‍ය සහිත ටින් කිහිපයක්ද අල්ලා ගැනීමට හැකි විය .

මාවා නැමැති පුවක් පාසල් ළමයින් අතර ඉතා ජනප්‍රියත්වයකට පත්ව ඇති බවත් ඇතැම් ළමයින් නිවෙස්වල කලහාකාරි අන්දමින් හැසිරිමේ තත්වයක් ගැනද තොරතුරු හෙළිවී ඇත . මෙහි වටිනා කම රුපියල් ලක්ෂ 9ක් විය හැකි බවද සදහන් කරයි .සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි .

මාතලේ පොලිස් අධිකාරි අයි බි. ටි සුගතපාල මහතාගේ උපදෙස් මත කොට්ටාස අපරාධ අපරාධ විමර් ශන අංශයේ ස්ථානාධිපති එස්. ආර් රාජපක්ෂ මහතා කොට්ඨාස ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කළහ.

උකුවෙල සංචාරක ප්‍රියන්ත සුමනසේන
ඡායාරූපය - උකුවෙල සංචාරක

නව අදහස දක්වන්න