මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි 06ක් අත්අඩංගුවට | දිනමිණ

මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි 06ක් අත්අඩංගුවට

පේදුරු තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් කිමිදුම් ක්‍රම භාවිතා කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

ඒ උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින්.

සැකකරුවන් සතු ඩිංගි යාත්‍රා 2 ක්, GPS යන්ත්‍ර 2 ක්, ඔක්සිජන් බෝතල් 20 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා විදුලි පන්දම් 04 ක්, මුහුණු ආවරණ 06 ක්, පාවරල් යුගල් 05 ක් සහ අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 280 ක් පමණ ද නාවික හමුදා භාරයට පත් විය.

එම පුද්ගලයන්, ධීවර ආම්පන්න සහ මුහුදු කූඩැල්ලන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව තිබුණි. 

(හිනිදුම විශේෂ  රවීන්ද්‍ර ලියනගේ)

නව අදහස දක්වන්න