ලොව දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ දී | දිනමිණ

ලොව දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ දී

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන් 14වැනි ජාත්‍යන්තර වෙසක් දින සැමරුම මුල් කර ගනිමින් ලොව දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කිරීම හෙට(10) ආරම්භ වේ.

ඒ ඉන්දීය සම්මානලාභී කලාකරුවෙක් වන වැලි මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් විසිනි.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම කලා ශිල්පියාට ශ්‍රී ලංකාවට ඇරයුම් කර ඇත.

මොහු ඉන්දීය පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබූවෙකි.

හෙට (10) සිට ලබන ඉරිදා (14) දක්වා බත්තරමුල්ලේ පාර්ලිමේන්තුව අසල දියවන්නා ඔය අසල උදෑසන 10.00 සිට සවස 07.00 දක්වා සිය වැලි මූර්ති ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මෙන් ඉන්දීය වැලි මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනයක්ද කරයි.

ඒ අනුව අඩි 50ක් පමණ දිගින් යුක්තව මෙම බුදු පිළිමය නිර්මාණය කිරීමට ඔහු සැළසුම් කර ඇතැයි ඩෙකෑන් ක්‍රෙනිකල් (deccan chronicle) වෙබ් අඩවිය වාර්තා කර ඇත.

සුදර්ශන් පට්ටනයික්, පසුගියදා පැවැති ’10 වන මොස්කව් වැලි කලාව තරගාවලියේ 2017′ දී ජූරි ත්‍යාග රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ.

නව අදහස දක්වන්න