ආනවිලුන්දාව අභයභුමියේ දී කෝටි 200ක කුඩු අල්ලයි | දිනමිණ

ආනවිලුන්දාව අභයභුමියේ දී කෝටි 200ක කුඩු අල්ලයි

ධීවර යාත්‍රා මගින් මෙරටට ගෙන ආ බව කිවන රුපියල් කෝටි 198 ක් වටිනා හෙරෝයින් මත් කුඩු තොගයක්, ඩිපෙන්ඩර් රථයක් සමඟ එක් සැකකරුවකු අද (11) අලුයම ආනවිලුන්දාව කුරුළු අභය භුමියේ දී අත්අඩංගුවට ගත් බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසීය. මාසයක පමණ කාලයක සිට ලද තොරතුරක් අනුව කළ පරීක්ෂණ වලින් පසු මෙම හෙරෝයින් තොගය තොළඹට ගෙන යන අවස්තාවේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 58 වියේ පසුවන අයකු බවත් කියයි. ඔහු මීට කලින් ද මෙලෙසම හෙරෝයින් නිරැපද්‍රිතව කොළඹට ගෙන ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන තිබේ .

මෙම හෙරෝයින් තොගය පකිස්තානයේ සිට නැවකින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ගෙනැවිත් පසුව බහුදින යාත්‍රාවකට බාර දී ඇති අතර ඉන්පසුව නැවත එක් දින යාත්‍රාවකට මෙම කුඩු තොගය බාර දී තිබේ.

පසුව එම තොගය මුතුපංතිය වෙරළට ගෙනැවිත් ගොඩබා ඩිපෙන්ඩරයට බාර දී පලා ගිය බවත් පොලිස් පරීක්ෂණ අනුව අනාවරණය වි ඇත. මෙම ඩිපෙන්ඩර් රථය අඳුරැ වීදුරැ සහිත එකකි.

සැකකරැ කලින් දින රාත්‍රි හලාවත පැමිණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැඟුම් ගෙන පසුව ගොස් හෙරෝයින් තොගය ලබා ගත් බවත් කියයි.

වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුවර්ධන පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන පොලිස් අධිකාරි ඒ. ඒ. චන්ද්‍රසේන, දිසා බුද්ධි තොරතුරැ ඒකකයේ ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයලත් සුනිල්, උප පොලිස් පරීක්ෂකවරුන් වන එදිරිසිංහ, අරුණ ශාන්ත, සැරයන්වරුන් වන විජේසිංහ, පියදාස, කොස්තාපල්වරුන් වන හේරත්, රත්නායක, මොලගොඩ, දේශබිය, ශ්‍රීලාල්, පොලිස් සැරයන් කෲස් යන මහත්වරුන් මෙම වැටලීමට එක්ව සිටියහ.

මුන්නේශ්වරම සමුහ, පුත්තලම සමූහ සහ මාරවිල සමූහ

 

නව අදහස දක්වන්න