වැලිගම ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් | දිනමිණ

වැලිගම ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

ඊයේ (11) මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ වැලිගම,පාතේගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 34 හැවිරිදි දෙදරු පියෙකු ඝාතනය කර ඇති බව වැලිගම පොලිසියෙන් වාර්තා වෙයි.

මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි විජේසේකර ගමාච්චිගේ ප්‍රසන්ත නැමැත්තෙකි.

ප්‍රදේශයේ පැවති දන්සලක සංවිධෘන කටයුතු අවසන් කර නිවසට යමින්සිටියදී මේ ඝාතනය සිදු කර ඇත.

පසුව මාතර මහ රෝහලට රැගෙන යමින් සිටියදී මෙම පු.ද්ගලයා මිය ගොස් ඇති අතර මෙම ඝාතනය පැරණි කෝන්තරයක් මත මෙම ඝාතනය සිදුවී ඇති බව මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත බව පොලීසිය සඳහන් කරයි.

මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිස් ස්ථානාධිපති බුද්ධික ලසන්ත මහතාගේ මුලිකත්වයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇත.

 

ටී.කේ.මහින්ද (වැලිගම සමූහ)


නව අදහස දක්වන්න