බෞද්ධ දර්ශනයේ පණිවිඩයෙන් සමාජය සන්සුන් වෙනවා | දිනමිණ

බෞද්ධ දර්ශනයේ පණිවිඩයෙන් සමාජය සන්සුන් වෙනවා

බෞද්ධ දර්ශනයේ පණිවිඩය ලෝකයට ලබාදීම තුළින් අද ලෝකයේ තිබෙන බොහෝ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට මෙන්ම සමාජය සන්සුන් කරමින් මිනිසා යහපත් කිරීමට විශාල මෙහෙයක් ඉටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

එක්සත් ජාතීන්ගේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උලෙළේ ප්‍රධාන උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (12) පැවති අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් සමාජ, ආර්ථික, දේශපාලන සියලු ගැටලුවලට විසැඳුම් ථෙරවාදී බුදු දහම තුළ ගැබ්ව තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කෙළේය. බෞද්ධ දර්ශනය සමඟ අතීතයේ සිට ගොඩනැගුණු ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවය ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කරනු ලැබීය.

බෞද්ධ දර්ශනයේ වැදගත්කම පිළිබඳව ලෝකයේ අවධානය යොමු වී ඇතැයි පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය අගමැතිවරයා‍ ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට ශ්‍රී ලංකාවට පැමි‍ණීමෙන් එම පණිවිඩය තවත් ලෝකය වෙත යන බව පැවසිය.

ශ්‍රී ලංකාව ‍‍ථෙරවාදී බෞද්ධ දර්ශනයේ මූලස්ථානය වන බවද ජනාධිපතිවරයා තවදුරටත් පැවසිය.

 

නව අදහස දක්වන්න