වාසනා යළිත් ජපන් ලොරි රථ අලෙවියට | දිනමිණ

වාසනා යළිත් ජපන් ලොරි රථ අලෙවියට

ශ්‍රී ලංකාවේ විශාලතම රථවාහන ප්‍රදර්ශනාගාරයට හිමිකම් කියන වාසනාට්‍රේඩින් ලංකා (පෞද්ගලික) සමාගම තවත් ඉදිරි පියවරක් තබමින්, ජපානයෙන් ආනයනය කරන ලද උසස් තත්ත්වයේ ලොරි රථ පාරිභෝගිකයන් වෙත හඳුන්වා දී තිබේ. පාරිභෝගික අවශ්‍යතාව පරිදි තෝරාගත හැකි විවිධ වර්ගයේ ලොරි රථ ඇතුළු වාණිජ රථවාහන මාදිලි රැසක් වාසනා ට්‍රේඩින් ලංකා හි නව වාහන එකතුවට ඇතුළත් වේ. මේ වාහන, අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබාදීමේ විශ්වසනීය සහතිකය ද සමග ඉතා සාධාරණ මිල ගණන් යටතේ මිල දී ගැනීමේ අවස්ථාව සමාගම පාරිභෝගිකයන් වෙත උදාකර දී තිබේ.

‘රථවාහන වෙළෙඳ පොළේ කාලීන අවශ්‍යතාවක් සපුරාලමින් පාරිභෝගික ජනතාව වැඩිම කැමැත්තක් දක්වන පාවිච්චි කරන ලද ජපන් ලොරි රථ නැවත හඳුන්වා දීමට අප ආයතනය තීරණය කළා.

එම වාහන පිළිබඳ අප සතුව ඇති දීර්ඝකාලීන දැනුම පාරිභෝගික ජනතාවට ඉතා හොඳ මට්ටමේ රථයක් ලබාදීමට සහ ‘වාසනා කෙයාර්’ මගින් නඩත්තු කටයුතු සඳහා පිරිනමනු ලබන අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව සැපයීමටත් අප උපයෝගී කර ගන්නවා. ලොරි රථ සඳහාම වෙන් වූ විශාල පරිමාණයේ වාහන එකතුවකින් සමන්විත අංගණයක් අප ආයතනය සතුව පවතිනවා. යනුවෙන් මේ පිළිබඳ අදහස් දැක් වූ වාසනා ට්‍රේඩින් ලංකා (පෞද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවැසීය. 

නව අදහස දක්වන්න