ස්වාධීන වීමට අවශ්‍ය නම් සන්ධානයෙන් ඉවත් විය යුතුයි | දිනමිණ

ස්වාධීන වීමට අවශ්‍ය නම් සන්ධානයෙන් ඉවත් විය යුතුයි

 ඕනෑම කෙනෙක් ස්වාධීන වන්නේ නම් එය සිදුවිය යුත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී ගොස් යැයිද එසේ නැතිව කිසිවකුගේ පාලන බලය පෙරලන්නට කිසිවකුටත් ඉඩ නොදෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව යන කිසිවකු හෝ යන්නට අවශ්‍ය කිසිවකු හෝ වේ නම් ඔවුන්ව බලහත්කාරයෙන් රඳවා ගැනීමට අවශ්‍යතාවයක් නැතැයි ද මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි

පක්ෂය හැරදි යන්නට වෑයම් කරන කෙනෙකුගෙන් හේතු ඇසීමට හො නැවැත්වීමට කටයුතු නොකරනවා මෙන්ම ඒ අයට යාමට හේතු සැදිමක්ද නොකරන බව ද මහලේකම්වරයා පවසයි.

"දැන් බොහෝ අය කතා කරන්නේ උතුරු මැද පළාත් සභාව පෙරළෙයිද,මධ්‍යම ,දකුණ පෙරළෙයිද කියලායි.මේවා පෙරළන්නේ කෙහෙ‍ාමද? ඔය ස්වාධීන වෙනවා, ඒකාබද්ධෙට යනවා කියන අය පත්වෙලා ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. මේ පළාත්වල සියලුම මහ ඇමැතිවරු පත්වෙලා තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයාගේ ලිපියකින්.මේ අය යනවා නම් ඕන තැනකට ,යා යුත්තේ සන්ධානයෙන් අස්වෙලායි. දැන් අපෙන් බොහෝ අය අසන්නේ මැයි දින‍යේ ගෝල්ෆේස් රැළියට ගිය අයට දඬුවම් කරන්නේ කවදාද කියලයි.

ජනාධිපතිතුමාටවත් මටවත් අවශ්‍ය කවුරුවත් එළවා දමන්න නොවෙයි.යවන්නට හේතු හොයන්න නොවෙයි.අපි සියලුම දෙනා එකතුවී වසර 2020 දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්නයි.අපි සියලුම දෙනා එකතුවී ඊළඟ මැතිවරණය විශිෂ්ට ලෙස ජයගන්නයි."යැයිද මහින්ද අමරවීර මහතා කියයි. 

නව අදහස දක්වන්න