අසභ්‍ය වීඩියෝ ලෙස පවුල් නොකෑ බිරිඳ මරා දමන්නට ආ සෙබළා | දිනමිණ

අසභ්‍ය වීඩියෝ ලෙස පවුල් නොකෑ බිරිඳ මරා දමන්නට ආ සෙබළා

අන්තර් ජාලයේ තිබෙන අසභ්‍ය වීඩියෝ දර්ශන අනුගමනය කරමින් පවුල් කෑමට අකමැතිවූ තරුණ බිරිද වෙඩිතබා මරා දැමිමට ගෙනා බවට සැකකරන පතුරම් තුවක්කුව සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල යුද හමුදා සෙබළෙකු මේ මස (25) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී ශානක හර්ෂන් මහතා ඊයේ (15) නියෝග කලේය.   
 
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ මීඇල්ලෑව ලැඹුණෝරුව හා දඹගොල්ලාව මීමින්නාවල කහටගස්දිගිලිය යන ලිපිනයන්හී පදිංචි පුදුකුඩුඉරුප්පු මුලතිව්හි පිහිටි තුන්වන ජාතික ආරක්ෂක බළමුළු සේනාංකයේ සේවයේ නිරතවන පී.ඩී.ප්‍රේමසිරි යන 35 හැවරදි යුද හමුදා සෙබළායි.
 
සැකකරු මිට මාස තුනකට පමණ ඉහතදී විවාහවි තිබෙන බවත් බිරිද සමග පවතින පවුල් ආරවුල හේතුවෙන් මීට පෙර අවස්ථාවකදීත් ඇයව මරා දැමීමට මෙරට නිෂ්පාදිත කැප් තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිසිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත්කල බව කටගස්දිගිලිය පොලිසිය අධිකරණයට දැන්වීය.
 
සැකකරු නිවාඩු ලබා නිවසට පැමිණෙද්දී බිරියට වෙඩි තැබීම සදහා තුවක්කුවක් ගෙනවිත් සගවාගෙන සිටින බවට ලැබුණු තොරතුරක්මත සැකකරු අත්අඩංගුවටගෙන සිදුකල ප්‍රශ්න කිරීම්වලදී නිවාඩු පැමිණෙනවිට රැගෙනවිත් දඹගොල්ල කැලෑවේ සගවා තිබූ බෝර දොළහ වර්ගයේ පතුරම් තුවක්කුවක් හා ඊට යොදන ජීව උණ්ඩ හතරක් පොලිස් බාරයට ගෙන තිබෙන බව පොලිසිය අධිකරණයට කීවේය.
 
සැකකරුට තුවක්කුව ලැබුණු ආකාරය අනාවරණය කර ගැනීමට පරික්ෂණ සිදුකරන බවත් සැකකරු අන්තර්ජාලයේ සැරිසරා එහි ඇති අසභ්‍ය වීඩියෝ දර්ශන ජංගම දුරකථනයේ ගබඩාකර බිරිදට එම දර්ශන අනුගමනය කරන ලෙස බලකිරීමට විරෝධය පෑමනිසා පවුල් ආරවුල නිර්මාවී තිබෙන බව පොලිසිය අනාවරණය කර ගත්තේ යැයි වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය කීවේය.
 
රක්ෂිත බන්ධනාගාර ගතකල සැකකරු මානසික රෝගයකින් පෙලෙන්නේද යන්න අනාවරණය කර ගැනීම සදහා ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත්කර වාර්ථාවක් ලබාගෙන ඉදිරි දිනයේදී එය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර බන්ධනාගාර අධිකාරීයට විනිසුරුවරයා නියෝග කලේය.
 
කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රගීත් මංජුල උඩුමලගල මහතාගේ උපදෙස්මත පොලිස් කොස්තාපල් 33265 උපාලි මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කලේය. 
 
(අනුරාධපුර මධ්‍යම විශේෂ)

නව අදහස දක්වන්න