ආග­මික කඩ­තු­රාව | දිනමිණ

ආග­මික කඩ­තු­රාව

තිඹි­රි­යා­ගම බණ්ඩාර

“කතා කරන්න තියා මූණවත් බලන්නේ නෑ. මම කරපු වැරැද්දක් නෑ. එකම වැරැද්ද පන්සලට නොයන එක”

වෙසක් පෝ දා හවස එසේ කීවේ මගේ බිරිය යි. ඇය පවසන්නේ අසල්වැසි පවුලක කාන්තාවක් පිළිබඳ ව ය. මා පදිංචි නිවසට යාබද ව ගොඩනැඟෙමින් පවතින පන්සලට බැතිමත්හු රැස්වී සිටිති. සියලු ග්‍රහ අපල දුරු වී ගොස් දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සම්පත්තිය සාදා දීමට යැයි කියමින් එහි භික්ෂුව සියලු බුදුවරුන් සිහිකර කවි ගායනා කරයි. බැතිමතුන්ගෙන් වැඩි දෙනකු රැස්වී ඇත්තේ තමන්ට සහ දරුවන්ට ඇති ග්‍රහ අපල දුරුකර ගැනීමේ චේතනාවෙනි; දරුවන් විභාගවලින් සමත් කිරීමේ අපේක්ෂාවෙනි. ග්‍රහ අපල විශ්වාස නොකිරීම බෞද්ධ විරෝධී ලක්ෂණයක් ලෙස සිතන අසල්වැසියන් කිහිප දෙනකු භික්ෂුව සරණ යමින් අප හා පැවති සුහදත්වය අමතක කිරීම මගේත් බිරියගේත් සංවාද මාතෘකාවක් බවට පත් ව තිබේ.

මීට ටික කලකට පෙර අප පදිංචි නිවසට යාබද කුඹුර ගොඩකිරීම පටන්ගෙන ඇත්තේ ව්‍යාපාරිකයකු විසිනි. එකල අප එහි පදිංචිව සිටියේ නැත. ජනතා විරෝධය නිසා කුඹුර ගොඩකිරීම තහනම් කෙරිණ. පසු“කතා කරන්න තියා මූණවත් බලන්නේ නෑ. මම කරපු වැරැද්දක් නෑ. එකම වැරැද්ද පන්සලට නොයන එක”

වෙසක් පෝ දා හවස එසේ කීවේ මගේ බිරිය යි. ඇය පවසන්නේ අසල්වැසි පවුලක කාන්තාවක් පිළිබඳ ව ය. මා පදිංචි නිවසට යාබද ව ගොඩනැඟෙමින් පවතින පන්සලට බැතිමත්හු රැස්වී සිටිති. සියලු ග්‍රහ අපල දුරු වී ගොස් දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සම්පත්තිය සාදා දීමට යැයි කියමින් එහි භික්ෂුව සියලු බුදුවරුන් සිහිකර කවි ගායනා කරයි. බැතිමතුන්ගෙන් වැඩි දෙනකු රැස්වී ඇත්තේ තමන්ට සහ දරුවන්ට ඇති ග්‍රහ අපල දුරුකර ගැනීමේ චේතනාවෙනි; දරුවන් විභාගවලින් සමත් කිරීමේ අපේක්ෂාවෙනි. ග්‍රහ අපල විශ්වාස නොකිරීම බෞද්ධ විරෝධී ලක්ෂණයක් ලෙස සිතන අසල්වැසියන් කිහිප දෙනකු භික්ෂුව සරණ යමින් අප හා පැවති සුහදත්වය අමතක කිරීම මගේත් බිරියගේත් සංවාද මාතෘකාවක් බවට පත් ව තිබේ.

මීට ටික කලකට පෙර අප පදිංචි නිවසට යාබද කුඹුර ගොඩකිරීම පටන්ගෙන ඇත්තේ ව්‍යාපාරිකයකු විසිනි. එකල අප එහි පදිංචිව සිටියේ නැත. ජනතා විරෝධය නිසා කුඹුර ගොඩකිරීම තහනම් කෙරිණ. පසු කලෙක එම ව්‍යාපාරිකයා ගොඩකළ ඉඩම භික්ෂුවකට පවරා තිබේ. භික්ෂුව එහි කුඩා ආවාසයක් ඉදිකර යටිතල පහසුකම් වර්ධනය කර ගත්තේ අසල්වැසියන්ගේ ආධාරයෙනි. ඉන්පසු එය භාවනා පුහුණු කරන මධ්‍යස්ථානයක් බවට පත් විය. බෝධි පූජා ප්‍රතික්ෂේප කළ භික්ෂුවක් වූ හෙයින් ඊට අනෙකුත් භික්ෂූන්ගේ විරෝධය එල්ල විය. මාර්ගඵල ලැබීමේ අපේක්ෂාවෙන් යුතු වූ මධ්‍යම පාන්තිකයන් ඒ දිනවල කාර්බාර්වලින් භාවනා මධ්‍යස්ථානයට යනෙනු දුටුවෙමි. හිටි අඩියේ භික්ෂුව පන්සල හැර දමා ගියේ ය. පසුව දැනගන්නට ලැබුණේ එම දේපළ තවත් භික්ෂුවකට පවරා (විකුණා) ඇති බව ය.

අලුත් භික්ෂුව ජනප්‍රිය වැඩවලට කැමති අයකු බව පෙනිණි. බැතිමතුන් ඉල්ලන දේ දීමෙහි රුසියෙකි. බොහෝ විට ඇසෙන්නේ කවි ගායනා ය.

මෙබඳු පිළිවෙත් බිරියගේත්, මගේත් සරදමට ලක්වීම ඇතැමුන්ගේ තරහ ඇවිස්සීමට හේතු විය. දිනක් ධර්ම දේශනාවසානයේ බණට අනුග්‍රහය දැක්වූ විදුහල්පතිවරයාගේ නම ද ආධාර කළ මුදල් ප්‍රමාණය ද ලවුඩ්ස්පීකරයෙන් අසන්නට ලැබිණ.

මෙය අලුත් දෙයක් නො වන බවත්, බණට වඩින භික්ෂූන්ට සැලකිය යුතු මුදලක් ලබා දීම වත්මන් දායකයන්ගේ සිරිතක් බවත් මගේ බිරිය පැවසුවා ය.

මීට පෙර මා අසා තිබුණේ තමන් ඉල්ලනා ගණන නොදුනහොත් බණට නොවඩින ජනප්‍රිය භික්ෂූන් දෙතුන් දෙනකු පිළිබඳ ව ය. පෙනෙන හැටියට නම් එය සම්ප්‍රදායක් බවට පත් ව තිබේ. මේ අනුව බණ කීම යනු සැදැහැවතුන් සමග කෙරෙන ගනුදෙනුවකි. “අපූරුවට බණ අහගෙන ඉඳලා අහළ පහළ ගෙවල්වල මිනිස්සුත් එක්ක ඉරිසියාවෙන් තරහෙන් ඉන්න එක බෞද්ධකම කියලා දැනුයි මම දන්නේ”

බිරිය කනගාටුවෙන් කීවා ය. රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් පසුවන ඇය සුළු සිදුවීමකින් වුව ද සංවේදී වනු පෙනේ.

ආගමික භක්තිය ඇති තැනැත්තා එය විවේචනය කිරීම නුරුස්සයි; කෝපයට පත්වෙයි. අන්ධ භක්තිය ඇති තැනැත්තා ඇතැම් විට මිනිස් ඝාතකයකු බවට ද පත්විය හැකි ය. අසල්වැසියන්ට හැකි සැම විට ම උදව් කරමින් ජීවත් වූ මගේ බිරිය ද්වේශයට ලක්වූයේ ඇය අන්ධ භක්තියෙන් තොරවීම හේතුවෙනි. අල්ලපු වැටේ තිබෙන ආවාසයෙහි සිටු වූ බෝ පැළය ළඟ හිඳගෙන පවත්වනු ලබන ග්‍රහ අපල දුරුකිරීමේ බෝධි පූජාවට සහභාගි නොවන පවුලේ සාමාජිකයන් මිථ්‍යා දෘෂ්ටිකයන් හා බුද්ධාගමේ හතුරන් ලෙස පෙනී යෑමේ යථාර්ථය අප තේරුම් ගත යුත්තේ ඒ අනුව ය.

“ඕක ප්‍රශ්නයක් කර ගන්නැතුව නිකං ඉන්න වෙලාවට ඔයත් ගිහින් එන්න” මම කීවෙමි.

“මට ඔය බොරු වැඩවලට හවුල් වෙන්න බෑ. හිතේ එකක් තියාගෙන තව එකක් කරන මිනිස්සුන්ට පෑහෙන්ඩත් බෑ” ඇය පිළිතුරු දුන්නා ය.

ආගම් භක්තිය ඉහළින් ම ඇති රටවල් දෙකක් හැටියට ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව නම් කර තිබෙනු දුටු එක් ජනමාධ්‍යවේදියකු මාර්ටින් වික්‍රමසිංහයන් ද උපුටා දක්වමින් ලිපියක් ලියා තිබෙනු දුටුවෙමි. එහෙත් මේ සමීක්ෂණ වාර්තාව කියවූ මට ඇතිවූයේ ලැජ්ජාවකි. ශ්‍රී ලාංකිකයකු වශයෙන් එය ආඩම්බර විය හැකි කරුණක් නොවේ. අඩු ම ආගම් භක්තිය ඇති රටවල් සමඟ සසඳන විට එම රටවල ආගම්වාදී, ජාතිවාදී ප්‍රචණ්ඩත්වය දක්නට නැත. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී ය. විද්‍යා, තාක්ෂණ, සාහිත්‍ය, කලා නිර්මාණ ඉහළ ය. දිවි නසාගැනීම් හා ඝාතන පහළම මට්ටමක පවතී. එම අංශවලින් අපේ රටේ වාර්තා සිත් රිදවන සුලු ය. මේ වනාහී සමාජ දේශපාලන ගරාවැටීමක බිහිසුණු ප්‍රතිඵල වෙත්.

අන්ධ භක්තිය, අවිචාරය, ප්‍රචණ්ඩත්වය, කුහකත්වය, මමත්වය සමාජ පලදාව ලෙස ලැබී තිබේ. ආගමික කඩතුරාව විවර කර බැලූ විට පෙනෙනුයේ කුණුවෙමින් පවතින සමාජයකි. කලෙක එම ව්‍යාපාරිකයා ගොඩකළ ඉඩම භික්ෂුවකට පවරා තිබේ. භික්ෂුව එහි කුඩා ආවාසයක් ඉදිකර යටිතල පහසුකම් වර්ධනය කර ගත්තේ අසල්වැසියන්ගේ ආධාරයෙනි. ඉන්පසු එය භාවනා පුහුණු කරන මධ්‍යස්ථානයක් බවට පත් විය. බෝධි පූජා ප්‍රතික්ෂේප කළ භික්ෂුවක් වූ හෙයින් ඊට අනෙකුත් භික්ෂූන්ගේ විරෝධය එල්ල විය. මාර්ගඵල ලැබීමේ අපේක්ෂාවෙන් යුතු වූ මධ්‍යම පාන්තිකයන් ඒ දිනවල කාර්බාර්වලින් භාවනා මධ්‍යස්ථානයට යනෙනු දුටුවෙමි. හිටි අඩියේ භික්ෂුව පන්සල හැර දමා ගියේ ය. පසුව දැනගන්නට ලැබුණේ එම දේපළ තවත් භික්ෂුවකට පවරා (විකුණා) ඇති බව ය.

අලුත් භික්ෂුව ජනප්‍රිය වැඩවලට කැමති අයකු බව පෙනිණි. බැතිමතුන් ඉල්ලන දේ දීමෙහි රුසියෙකි. බොහෝ විට ඇසෙන්නේ කවි ගායනා ය.

මෙබඳු පිළිවෙත් බිරියගේත්, මගේත් සරදමට ලක්වීම ඇතැමුන්ගේ තරහ ඇවිස්සීමට හේතු විය. දිනක් ධර්ම දේශනාවසානයේ බණට අනුග්‍රහය දැක්වූ විදුහල්පතිවරයාගේ නම ද ආධාර කළ මුදල් ප්‍රමාණය ද ලවුඩ්ස්පීකරයෙන් අසන්නට ලැබිණ.

මෙය අලුත් දෙයක් නො වන බවත්, බණට වඩින භික්ෂූන්ට සැලකිය යුතු මුදලක් ලබා දීම වත්මන් දායකයන්ගේ සිරිතක් බවත් මගේ බිරිය පැවසුවා ය.

මීට පෙර මා අසා තිබුණේ තමන් ඉල්ලනා ගණන නොදුනහොත් බණට නොවඩින ජනප්‍රිය භික්ෂූන් දෙතුන් දෙනකු පිළිබඳ ව ය. පෙනෙන හැටියට නම් එය සම්ප්‍රදායක් බවට පත් ව තිබේ. මේ අනුව බණ කීම යනු සැදැහැවතුන් සමග කෙරෙන ගනුදෙනුවකි. “අපූරුවට බණ අහගෙන ඉඳලා අහළ පහළ ගෙවල්වල මිනිස්සුත් එක්ක ඉරිසියාවෙන් තරහෙන් ඉන්න එක බෞද්ධකම කියලා දැනුයි මම දන්නේ”

බිරිය කනගාටුවෙන් කීවා ය. රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් පසුවන ඇය සුළු සිදුවීමකින් වුව ද සංවේදී වනු පෙනේ.

ආගමික භක්තිය ඇති තැනැත්තා එය විවේචනය කිරීම නුරුස්සයි; කෝපයට පත්වෙයි. අන්ධ භක්තිය ඇති තැනැත්තා ඇතැම් විට මිනිස් ඝාතකයකු බවට ද පත්විය හැකි ය. අසල්වැසියන්ට හැකි සැම විට ම උදව් කරමින් ජීවත් වූ මගේ බිරිය ද්වේශයට ලක්වූයේ ඇය අන්ධ භක්තියෙන් තොරවීම හේතුවෙනි. අල්ලපු වැටේ තිබෙන ආවාසයෙහි සිටු වූ බෝ පැළය ළඟ හිඳගෙන පවත්වනු ලබන ග්‍රහ අපල දුරුකිරීමේ බෝධි පූජාවට සහභාගි නොවන පවුලේ සාමාජිකයන් මිථ්‍යා දෘෂ්ටිකයන් හා බුද්ධාගමේ හතුරන් ලෙස පෙනී යෑමේ යථාර්ථය අප තේරුම් ගත යුත්තේ ඒ අනුව ය.

“ඕක ප්‍රශ්නයක් කර ගන්නැතුව නිකං ඉන්න වෙලාවට ඔයත් ගිහින් එන්න” මම කීවෙමි.

“මට ඔය බොරු වැඩවලට හවුල් වෙන්න බෑ. හිතේ එකක් තියාගෙන තව එකක් කරන මිනිස්සුන්ට පෑහෙන්ඩත් බෑ” ඇය පිළිතුරු දුන්නා ය.

ආගම් භක්තිය ඉහළින් ම ඇති රටවල් දෙකක් හැටියට ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව නම් කර තිබෙනු දුටු එක් ජනමාධ්‍යවේදියකු මාර්ටින් වික්‍රමසිංහයන් ද උපුටා දක්වමින් ලිපියක් ලියා තිබෙනු දුටුවෙමි. එහෙත් මේ සමීක්ෂණ වාර්තාව කියවූ මට ඇතිවූයේ ලැජ්ජාවකි. ශ්‍රී ලාංකිකයකු වශයෙන් එය ආඩම්බර විය හැකි කරුණක් නොවේ. අඩු ම ආගම් භක්තිය ඇති රටවල් සමඟ සසඳන විට එම රටවල ආගම්වාදී, ජාතිවාදී ප්‍රචණ්ඩත්වය දක්නට නැත. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී ය. විද්‍යා, තාක්ෂණ, සාහිත්‍ය, කලා නිර්මාණ ඉහළ ය. දිවි නසාගැනීම් හා ඝාතන පහළම මට්ටමක පවතී. එම අංශවලින් අපේ රටේ වාර්තා සිත් රිදවන සුලු ය. මේ වනාහී සමාජ දේශපාලන ගරාවැටීමක බිහිසුණු ප්‍රතිඵල වෙත්.

අන්ධ භක්තිය, අවිචාරය, ප්‍රචණ්ඩත්වය, කුහකත්වය, මමත්වය සමාජ පලදාව ලෙස ලැබී තිබේ. ආගමික කඩතුරාව විවර කර බැලූ විට පෙනෙනුයේ කුණුවෙමින් පවතින සමාජයකි.


නව අදහස දක්වන්න

Or log in with...