මත් කුඩු වෙළඳාම ඊසී කෑෂ් ක‍්‍රමයට | දිනමිණ

මත් කුඩු වෙළඳාම ඊසී කෑෂ් ක‍්‍රමයට

රට පුරාම මත්කුඩු පැතිරෙන්නේ ඊසී කෑෂ් ක‍්‍රමයට බව අහංගම පොලිස් ස්ථානාධිපති උපුල් වීරසිංහ  මහතා පැවසයි.
 
අහංගම පොලිස් ස්ථානාධිපතිවරයා මෙම කරුණු අනාවරණය කළේ (15) දින පැවති  හබරාදුව ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්විමේදීය.
 
හබරාදුව එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක, හබරාදුව සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්විම හබරාදුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අහංගම පොලිස් ස්ථානාධිපති උපුල් වීරසිංහ මහතා
 
"රට පුරාම මත්කුඩු වපුරන්නේ ඊසී කෑෂ් ක‍්‍රමයටයි. එවා සිදු කරන පුද්ගලයින් දුරකථනය හාරහා මෙවා අලෙවි කිරිම සිදු කරනවා. පසු ගිය  මසයේදී කුඩු පැකට් 18 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. යතුරු පැදි කරුවෙක් ල`ග කුඩු තිබි අත්අඩංගුවට ගත්තා. නමුත් ඒ යතුරු පැදියත් බලපත‍්‍රයත් ඔහු සතුව නැහැ. අපි නිතීය කියාත්මක කර තිබෙනවා. එවැනි සැකකටයුතු පුද්ගලයින් සිටින විට අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපිට දැනුම් දෙන්න. අපි පැය 24 පුරාම වැටලිම් සිදු කරනවා. විශේෂයෙන්ම වැටලිම් සිදු කිරිමට  යතුරු පැදියක් යොදවා තිබෙනවා."
 
(ලංකින්ද නානායක්කාර - ඉමදුව සමුහ) 

නව අදහස දක්වන්න