උතුරු මැද තවත් අැමති ධූරයක වෙනසක් - update

උතුරු මැද  ධීවර හා කෘෂීකර්ම ඇමති R.M.P.B රත්නායක ඉවත් කොට සම්පත් ශ්‍රි නිලන්ත නව අමාත්‍යවරයා ලෙස පත් කෙරේ.
 
උතුරු මැදට තවත් අමාත්‍යවරයෙක් - update
 
උතුරු මැද පළාත් සභාවේ ඉඩම් වාරිමාර්ග මහාමාර්ග ග්‍රාම සංවර්ධන නිවාස හා කාන්තා කටයුතු පිළිබද ඇමති එච්.බි සේමසිංහ මහතා එම අමාත්‍යධුරයෙන් ඉවත් කර ඇති අතර එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රි  සරත් ඉලංගසිංහ මහතා අද (17)එම අමාතය ධුරයේ දිවුරුම් දුන්නේය.
 
අද (17)පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් පළාත් ආණ්ඩුකාර නිළ නිවසේදි  උතුරු මැද පළාත් ආණ්ඩුකාර පි.බි.දිසානායක මහතා ඉදිරියේ  මෙම දිවුරුම් සිදුවිය. 
 
පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කළ සරත් ඉලංගසිංහ මහතා පසුගියදා උතුරු මැද පලාත් සභාවේ වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා ඉවත් කර හිටපු ප්‍රධාන ඇමති එස්.එම් රංජිත් සමරකෝන් මහතා යළි මහ ඇමතිවරයා ලෙස පත්කරන ලෙසට දිවුරුම් ප්‍රකාශ අත්සන් කර තිබිණ.
 
එසේම ඊයේ (16)දින නව ඇමති ධුරයේ දිවුරුම් දුන් සුසිල් ගුනරත්න මහතා සම්බන්ධව එස්.එම් චන්ද්‍රසේන මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවට එක්ව සිටි ඒ මහතා අද (17)පෙරවරුවේ නව අමාත්‍යවරයෙකු ලෙස මෙලෙස දිවුරුම් දෙන ලදි.
 
2004 මාර්තු 02 දින ප්‍රථම වරට මන්ත්‍රීවරයෙකු වශයෙන් උතුරු මැද පළාත් සභාවට පිවිසි සරත් ඉලංගසිංහ මහතා එදා සිට අපරාජිත මන්ත්‍රී වරයෙකු වශයෙන් පළාත් සභාවේ මන්ත්‍රීධූරය දැරූ අතර පළාත් සභා ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් ඔහු සුවිශේෂ කාර්යභාරයක් ඉටු කර ඇත.
 
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බංඩාර, පළාත් සෞඛ්‍ය දේශිය වෛද්‍ය හා සමාජ සේවා අමාත්‍ය එම්. හේරත් බණ්ඩා, පළාත් සමූපකාර ප්‍රවාහන යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුසිල් ගුණරත්න යන මහත්වරුන් ද සහභාගිවි සිටිහහ. 
 
(අමිල ප්‍රභාත් වනසිංහ-අනුරාධපුර මධ්‍යම සමුහ)

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...